දෑත ඇඟිලි තුඩු
ලේ හැලෙන තුරු
හාරමින්, පහුරුගාමින්..
බිඳෙන රළ අභිමුවේ
සේදෙන, වැනසෙන
පදනම් යලිදු තනමින් ..
ලේ හැලෙන තුරු
හාරමින්, පහුරුගාමින්..
බිඳෙන රළ අභිමුවේ
සේදෙන, වැනසෙන
පදනම් යලිදු තනමින් ..
බලා ඉන්නවුන්
පසු කර යන්නන්
හිනා විගඩම්, ඉවසමින් ..
පසු කර යන්නන්
හිනා විගඩම්, ඉවසමින් ..
ටිකින් ටික හිමිහිමින්
හිතේ ඇති මාළිගා
වැල්ල මත, මවමින් ..
හිතේ ඇති මාළිගා
වැල්ල මත, මවමින් ..
කප්පරක් උස හීන
වැලි සමඟ මුහුම් කර
එමැදුරෙ, කුමරිය වෙමින් ..
මවාගත් දැසි දසුන්
ප්රභූ පෙළ පරයමින්
අණ දෙමින්, රජ වෙමින් ..
අසු පිටින් කුමරු තෙද
වඩින තුරු සෙනෙහසින්
ලතැවෙමින්, ඉවසමින් ..
වැලි සමඟ මුහුම් කර
එමැදුරෙ, කුමරිය වෙමින් ..
මවාගත් දැසි දසුන්
ප්රභූ පෙළ පරයමින්
අණ දෙමින්, රජ වෙමින් ..
අසු පිටින් කුමරු තෙද
වඩින තුරු සෙනෙහසින්
ලතැවෙමින්, ඉවසමින් ..
තව තවත් තව තවත්
හීන පොදි සිය ගනන්
මැදුර වට, ගොතමින් ..
හීන පොදි සිය ගනන්
මැදුර වට, ගොතමින් ..
හීන ලොව නිමා කර
මාලිගා වනසමින්
සයුරු රළ ඇදෙමින් ..
මාලිගා වනසමින්
සයුරු රළ ඇදෙමින් ..
මල් හීන කුමරි රඟ
හිත් ලොවෙන් මකමින්
වැලි මැදුරු බිඳෙමින් ..
හිත් ලොවෙන් මකමින්
වැලි මැදුරු බිඳෙමින් ..
බලා සිටි ඒ කුමරු
නෙත් හමුවේ මැකෙමින්
දියඹ වෙත ඇදෙමින් ..
වැලි මැදුරු බිඳෙමින්
ඒ සමඟ රැළි එක්ක
හීන පොදි මියෙමින් ..
නෙත් හමුවේ මැකෙමින්
දියඹ වෙත ඇදෙමින් ..
වැලි මැදුරු බිඳෙමින්
ඒ සමඟ රැළි එක්ක
හීන පොදි මියෙමින් ..
******************************
චිත්ත සන්තානයන්හි උපදින මියෙන යලිත් උපදින සිතුවිලි හරියට මුහුදු රළ වගේ. අප දකින අත් විඳින සෑම සුන්දර සිතිවිල්ලක්ම මුහුදු රළ වගේ තාවකාලිකයි. අවිනිශ්චිතයි. මතුපිටින් අත් විඳින දකින සොඳුරු බව ඒ තුල නැහැ. ඒකයි යථා ස්වභාවය. උපේක්ෂාවෙන් ජීවිතය කියවන්න. ඔයා ලියන දේවල් ඔයාගේ සිතුවිලි ලස්සනයි. සුන්දරයි.
ReplyDeleteහ්ම්ම්, ඇත්ත.
Deleteස්තූතියි හිතෙන දේ කීවට :)
කාගෙ කාගෙත් ජීවිත වල බිදිලා ගිය වැලි මැදුරු තියෙනවනේ..
ReplyDeleteහ්ම්ම්, ඇත්ත. ඒත් සමහර ජීවිත වල තියෙන්නෙ බිඳිලා ගිය මැඳුරු විතරමයි ..
Deleteස්තූතියි ඇවිත් ගියාට :)
සුදු මුදු රල පවා සියුමැලි වෙරළේ
ReplyDeleteසිඳ බිඳ දමයි වැලි මාලිගා සිතුසේ
වැලි වැලිත් අවුත් රළ බින්දත්
රළ සහ වෙරල යාලුයි යාලුයි යාළුවේ
රළට නැති වන දෙයක්
Deleteනැති නමුදු යාලුවේ
ඒ යාලුකම් නිසා
වෙරළ සැමදා දුකේ ..
ස්තූතියි කොමෙන්ටුවට :)
ඔයාගෙ අදහස් හරිම ලස්සනයි.
ReplyDeletehttp://wehilihini.blogspot.com/
බොහොම ස්තූතියි :)
Delete