මේ ජීවිතේ විසි අට වෙනි වතාවටත් දෙසැම්බර් හීතල මාව බලන්න ඇවිත්. දෙසැම්බර් හීතල අමුතුයි. හීන් අයිස් ඉදිකටු දාහකින් ඇඟට අනිනවා වගේ දැනෙන, හම පසාරු කරගෙන හිතට ආත්මයට කතා කරන, ලොකු හීතල පොරෝනාවකින් මගේ රිදෙන හිත වහලා දාන, පාලු තෙත හීතලක් ඒක.
තනිකමේ නිහැඩියාවෙන් හැඩ උන දෙසැම්බර් හීතල තරම් ලස්සන සාමකාමී දෙයක් මම කවදාවත් දැකලා නෑ.
මම දෙසැම්බර් හීතලට ආදරේ ඒ නිසයි.
නත්තල් හීතල මගේ හිතේ මවන්නේ අපූරු පින්තූර. එක යායට විහිදුනු හිම කන්දක්, බැලූ බැලූ අත සුදු පාට මිස වෙන මුකුත්ම නෑ. ඒ හිම යාය උඩ.. මුදුනෙම .. හමාගෙන එන මහ හුළගට මූණ දීගෙන ඉන්නෙ මම. ෆැන්ටසි ලෝකෙදි මට දිගම දිග කොන්ඩයක් තියෙනවා ;) ඒක හුලගට යනවා අස්ස වලිගයක් වගේ. මම බෙරිහන් දීලා කෑ ගහනවා හුලගට. මගේම සද්දේ මගේම කන් ඇතුලේ දෝංකාර දෙනකන්. කෑ ගහලා කියනවා මම හිතේ තියෙන හැම දෙයක්ම, ඔලුව පුපුරන්න ගොඩ ගැහිලා තියෙන හැම වදකාර හිතුවිල්ලක්ම.
නත්තල් හීතල මගේ හිතේ මවන්නේ අපූරු පින්තූර. එක යායට විහිදුනු හිම කන්දක්, බැලූ බැලූ අත සුදු පාට මිස වෙන මුකුත්ම නෑ. ඒ හිම යාය උඩ.. මුදුනෙම .. හමාගෙන එන මහ හුළගට මූණ දීගෙන ඉන්නෙ මම. ෆැන්ටසි ලෝකෙදි මට දිගම දිග කොන්ඩයක් තියෙනවා ;) ඒක හුලගට යනවා අස්ස වලිගයක් වගේ. මම බෙරිහන් දීලා කෑ ගහනවා හුලගට. මගේම සද්දේ මගේම කන් ඇතුලේ දෝංකාර දෙනකන්. කෑ ගහලා කියනවා මම හිතේ තියෙන හැම දෙයක්ම, ඔලුව පුපුරන්න ගොඩ ගැහිලා තියෙන හැම වදකාර හිතුවිල්ලක්ම.
අඩා වැටෙනවා මම හිතේ හැටියට ඒ හිම කන්ද උඩ දණින් වැටිලා. දෙනෝ දාහක් දෙනා රිදෝපු, හැම මතකයක්ම කදුලු එක්ක දිය වෙලා පුංචි දිය කඩිත්තක් හැදෙනකන්. පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් ඇන්න උන්ගේ කැපුම් පාරවල් වලින් ගලන ලේ හෝදගෙන යනකන්. ඒ ලේ වලින් පුංචි පොයින්ට්සෙටියා මල් පිපෙනකන් කදුලු වැටිලා හැදුනු දිය කඩිත්ත ඉවුරේ.
දිය කඩිත්ත විලක් වෙනකං, විල ගගක් වෙනකං, හිත හැදෙනකං, එක දිගට අඩනවා මම. කවුද දන්නේ, සමහර විට සුරංගනාවියෝ ඒවි ඒ විල ඉවුරට. ලේ වලින් පිපුනු මල් නෙලාවි දිව්‍ය ලෝකේ යද්දි ගෙනියන්න.
දුයිෂෙන් කිව්ව වසන්තය එනකන් බලාගෙන ඉන්න අල්තිනායිලා ඉන්න ලෝකෙක, මම බලන් ඉන්නේ නත්තල් හීතල එනකන්. රිදෙන පිච්චෙන ජීවිතේ අයිස් පොරෝනාවකින් වහලා දාලා මාව තාවකාලික නින්දකට ඇදලා දාන ලේ මිදෙන හීතල එනකන්. වසන්තය එනවමයි කියලා දුයිෂෙන් තවුසන්ඩ් ටෝක්ස් දීලා තියෙන නිසා වසන්තය එන එකක් නෑ කියන ෆැන්ටසියේ ඉන්න මට බෑ. ඒ නිසා පුලුවන් තරම් දිග කාලයක් හීතල තිබේවා, වසන්තය පුලුවන් තරම් පරක්කු වේවා කියන ප්‍රාර්ථනය හැම දෙසැම්බරයේදිම මගේ හිතට එනවා.
දෙසැම්බර් හීතල ..
පැමිණ වැළදගන්
මගේ හිත ..
ගත ..
මුලු ආත්මය ..
ඉඩ නොදී
එක සිතුවිල්ලකට
රිදුමකට ..
සත්තමයි ..
උවමනා නෑ මට ..
වසන්තය ..
හිම දිය කරන
මිදුනු හිත පණ පොවන..
ඇවැසි නෑ මට
වසන්තය
ඉන්න තුරු ඔබ මා සමග
ජීවිතය..
හීතලෙන් වෙලාගෙන..
පැමිණ වැළදගන්
මගේ හිත ..
ගත ..
මුලු ආත්මය ..
ඉඩ නොදී
එක සිතුවිල්ලකට
රිදුමකට ..
සත්තමයි ..
උවමනා නෑ මට ..
වසන්තය ..
හිම දිය කරන
මිදුනු හිත පණ පොවන..
ඇවැසි නෑ මට
වසන්තය
ඉන්න තුරු ඔබ මා සමග
ජීවිතය..
හීතලෙන් වෙලාගෙන..
ඔයාගේ කවි සිතුවිල්ල ලස්සනයි... ලංකාවේ අපට නම් දෙසැම්බර් එකේ ඒ හැටි වෙනසක් නෑ.. සීතලයි තමා. ඒ උනාට හිම වැටෙන්නේ නෑ... :)
ReplyDelete-ඔයාගේ නම දන්න ඇනෝ-
ස්තූතියි :) ඇත්තට හිම නොවැටුනාට හිතක් තියෙන්නේ හිම වැටෙනවා කියලා හිතා ගන්න තමයි !!
Deleteඒ උනාට හීන කෝලෙක ජීවත් වෙනවට වඩා හොඳ නැද්ද ඇත්තම හිම ටිකක් දැකලා හිම ගොඩේ සෙල්ලම් කරන්න ? ඒක අළුත් අත්දැකීමක් වේවි !
Delete-ඔයාගේ නම දන්න ඇනෝ-
දෙසැම්බර් අපිට හින දකින්න තරමට හීතලක් දැනෙන් නැහැනේ..
ReplyDeleteදැනෙන සුට්ටි හීතල මහා හීතලක් කියලා හිතාගෙන සතුටිං ඉන්නයි තියෙන්නෙ ;) ස්තූතියි කොමෙන්ටුවට
Deleteහිම ලිස්සන සුලුයි නේද? බලාගෙන පරිස්සමින්.
ReplyDeleteඅවධානමක් නැති හීනෙකින් වැඩක් නෑනෙ.
Deleteබොහොම ස්තූතියි කොමෙන්ටුවට :)
මමත් ආස යි ලංකාවට හිම වැටෙනවා නං. ඒත් ඉතින් වැටෙන්නේ නෑ :( //ෆැන්ටසි ලෝකෙදි මට දිගම දිග කොන්ඩයක් තියෙනවා ;) ඒක හුලගට යනවා අස්ස වලිගයක් වගේ.// මේ කොටස කියවන කොට මතක් වුණේ ඈන් ෂර්ලි ව! දන්නවා නේද එයා ව?
ReplyDeleteඔව් අප්පා, හිම වැටෙනවා නම් මරු තමයි.
Deleteග්‍රීන් ගේබල්ස් වල ඈන් ව නොදන්නේ කව්ද දෙයියනේ.
බොහෝම ස්තූතියි කොමෙන්ටුවට :)
අහ්හ්හ් මේ තියෙන්නේ ... ලස්සනයි ලකී ..... දිගටම ලියන්න...නවත්තන්න එපා .....
ReplyDeleteස්තූතියි සහන් :)
Delete