ඒ නිසා දැනට පොත් ටික විතරක් අතාරින්නම් බලා ගන්න.
ඔන්න ඇනෝලට කලින්ම කියන්නේ..
මේ පින්තූර පල කරන එකේ බලාපොරොත්තුව මම මහා පොත් ගොඩක් කියවන පොරක් කියලා පෙන්නීම එහෙම නෙමේ..
ෆේස් බුක් වගේ සමාජ සම්බන්ධතා ජාල වාරණය කල රටවල් වල ඉන්න වගේම මට එදිනෙදා මුණ නොගැහෙන .. ඒත් පොත් වලට මම තරම්ම ආදරය කරන මගේ යාලුවන්ට මගේ පොත් අස්වැන්න පෙන්නන්න විතරයි මට ඕන ..
ඒ අය කොහෙ හිටියත් මේව දැකලා සතුටු වෙයි ..
මට ඕන එච්චරයි ..
අයියෝ ලකී පිස්සු හැදිලා ආයේ හැදෙනවා චන්දන මෙන්ඩිස්ගේ අලුත් පොතද ඊජිප්තු ශාපය කියන්නේ අනේ මට එක ගන්න විදියක් නැහැනේ.......... ඉරිසියා හිතෙනවා අප්පා....... ඔය මුලින්ම කිව්ව එක හොඳයි ඇනෝලට මතක මම මුලින්ම ඔයාගේ අඩවියට ආවෙත් පොත් ප්‍රදර්ශනයක් දවසක. හික් හික් හික්...... කොහොම උනත් මෙවැනි සාපරාධි වැඩ කරනවට මගේ බලවත් විරෝධය.
ReplyDeleteඔව්.. ඒ සිද්ද උන සිද්ධිය ආයේ නොවෙන්න තමයි මුලින්ම කියල හිටියේ සැක සංකා තියෙන හැමෝටම.
Deleteඊජිප්තු ශාපය තාම කියවන්න පටන් ගත්තේ නෑ.. මට තාම පිස්සු වගේ මොකක් කියවන්නද කියලා හිතා ගන්න බැරුව
චිකේ මම නැහැනේ ලංකාවේ නොවැම්බර් ආවාම අනිවා ගණන්ව ඔය පොත නම්
Deleteකොහෙද ඉජීප්ත්තු සාපයක් තියෙන්නේ ? මම දැක්කේ නැහැනේ ඒක..
Deleteසමයවර්ධන එකේ තිබුනා. තව අර සිරිමාවෝ හෝල් එකට කලින් එළියේ තියෙන කඩ පේළියෙත් තිබුනා :)
Deleteපොත් ගන්න එකට වඩා එවා උස්සන් යන එක එපා වෙනවා
ReplyDeleteඔෂීන් පොතත් ටීවී එකේ ගිය එක වගේම හොඳයිද? කියවන්න ආස හිතෙන විදිහට තියෙනවද?
සුදු පිරුවට කියන පොත මාත් ගන්න හිතන් ඉන්නවා ඒක හොඳද කියලා කියවලා අදහසක් දක්වන්න.
ඔෂින් පොත් පෙළ නම් හොඳටම හොඳයි. කිසි කරදරයක් නැතුව එක හුස්මට කියවගෙන යන්න පුලුවන්. පොත් තුනක් තියෙනවා. සුදු පිරුවට තාම කියෙව්වේ නෑ. කියවල බලලා විස්තර කියන්නම් :)
Deleteශා... ඔයා මාර පොත් ගොඩක්නේ අරගෙන තියෙන්නේ. ඒ ටික දැක්කහම ආසාවේ බෑ.
ReplyDeleteමමත් ගිහින් පොත් තොගයක් ගත්තා. ඒ ටික කියවන්න ඕන :)
පුලුවන් නම් මේ කමෙන්ට් එක පබ්ලිශ් කරන්න... ස්තූතියි
-ඔයාගේ නම දන්න ඇනෝ-
පට්ටයි අක්කේ..ඉරිසියයි ගොඩක්ම මේ පොත් ටික දැක්කම..පිට පිට දෙවෙනි සැරේටත් පොත් ප්‍රදර්ශනේ මඟ ඇරෙනවා. :(
ReplyDeleteඔබේ ඉරිසියාව මගේ දියුණුවයි මල්ලියේ ;)
Deleteහ්ම්ම්.. දුක් වෙන්න එපා ඉතිං. කවදා හරි යන්න පුලුවන් උන දවසක ඇරියෙස් කවර් වෙන්නත් එක මුලු සේල් එකම ගෙදර උස්සන් එන එකයි තියෙන්නේ :D
නියමයි.. අක්කට දියුණුවක් නම් ඉතින් මට සතුටුයි තමයි :D
Deleteමම ඇරියස් කවර් කරගන්න දවසක් ඉක්මනින් එනකල් බලාගෙන තමයි ඉන්නේ..ඒත් තව අවුරුදු දෙක තුනකට මෙහා නම් ලැබෙන්නේ නෑ :'(
මම මල්ලියෙක් නෙවෙයි !! හයියූ ! ඇයි අප්පා මේ හැමෝම මට මල්ලි කියන්නේ :P
ඉතිං බොලේ.. මට අක්ක කිව්වම මම මල්ලි නොකිය වෙන මොකක් කියන්නද :-o
Deleteඅය්යෝ අක්කේ මගේ කමෙන්ට් එක පොඩ්ඩක් විකාරයි නෙව. සමාවෙන්න. මම කියන්න ගියේ මම නංගියේ කියල... :P
Deleteහපොයි ඩිලීට් කරන්න තරම් කොමෙන්ට් අවුල් නෑ බොලේ ;)
Deleteවකා දැන් බ්ලොග් අතර සැරිසරන්නේ අඩුවෙන් නේද ඒ ඇයි..
Deleteඔව් අන්කල්...ඉගෙනගන්න වැඩත් එක්ක හරිහැටි වෙලවක් ලැබෙන්නෙ නෑ.. එහෙම ලැබුණත් කියවන්ඩ වෙන්නෙ නෑ හැම අඩවියක්ම කලින් වගේ.. :/අදත් මේ අහම්බෙන් ආවෙ..කාලෙකට පස්සෙ.. :)
Deleteඔන්න මම එකක් හැබැයි ඩිලීට් කළා ඉතින් :P
ReplyDeleteඅවුල් නැත්තම් කමක් නැතෝ.. :D :D
ජලමලයයි.. ඔයා නංගියෙක්ද එතකොට ?? හාකො :)
Delete:P :)
Deleteඔබ ගැන හරිම සතුටුයි රෝස්....
ReplyDeleteස්තූතියි :)
Deleteමම මේ ආවේ කෝ මේ ළමය කියලා බලන්න... බලද්දී පොත් කියවනවනේ... කියවන්න කියවන්න..
ReplyDelete:) :) :)
Deleteදෙයියනේ ලකී ඇයි ඔයා කතන්දර ආතාගේ පොතක් ගත්තේ නැත්තේ ..:(
Deleteකව්ද කතන්දර ආතා ?? :-o
Deleteමේ අර අන්තිම පින්තූරේ උඩ යට මාරු වෙලාද ? නැත්නම් මට පේන විදිහද ..?
ReplyDeleteඋඩ යට මාරු වෙලා නේන්නම් ...අපෝයි :-o
Deleteරුපියල් දාස් ගානක පොත් නෙව.. හප්පේ.. ලොකු මුදලක් යන්න ඇති..
ReplyDeleteඅපිට ඉතිං මාස දෙකක පඩියක් වත් වියදං කරන්න ඕනි මෙච්චර පොත් පත් ගන්න නම්..
ම්ම්ම්.. ඔව්.. ටිකක් ලොකු ගානක පොත් තමයි. හැබැයි මෙහෙමයි.. ඔය මුලු අවුරුද්දක් එකතු කල සල්ලි.. උපන්දිනේට අරවට මේවට ලැබුනු සල්ලි ඔක්කොම පොත් ගිනුමේ එකතු කරලා එකතු කරලා තමයි මේව ගන්නේ හැම අවුරුද්දෙම :)
Deleteපොත් ටික දැක්ක ම ආසාවේ බෑ. හුඟක් ඒවා අලුත් පොත් වගේ :) මට හෙට දිහාට ඔය පැත්තේ කරක් ගහන්න තමයි හිතුවේ!
ReplyDeleteඔව් අලුත් පොත් සෑහෙන්න තිබ්බා.. මටත් ආයෙම යන්ට හිතෙනවා අප්පා :(
Delete"හලෝ හලෝ" පොත ගත්තේ කොහෙන්ද? මම ඒක හෙව්වා. හම්බුනේ නැහැ.:(
ReplyDeleteවිදර්ශනා එකෙන් මට මතක විදියට. නැට්ට ගිනි ගත්ත හනුමා වගේ පොත් ටික ගත්තා මිස කොහෙන් කොහෙන් ගත්තද කියලවත් මට මතක නෑ ඇත්තටම :D
Deleteමේ පොත් සෙට් එකට ඔයාට කීයක් විතර ගියා ද ? මට නම් මගේ පොත් සෙට් එකට 6425.75ක් ගියා.
ReplyDelete-ඔයාගේ නම දන්න ඇනෝ-
18,000 කට කිට්ටු වෙන්න ගියා අධ්‍යාපන පොත් නැතුව :)
DeleteI bought all those books without one book, we could not find it....thank you for your information.
ReplyDeleteU are Welcome n Thanks loads for the comment :)
Deleteකෝ මේ ළමයා ඒ පාර ...?
ReplyDeleteමේ ඉන්නේ :)
Delete