බාඳුරා අසපුව ... !!
බවුන් වඩන්නට ..
සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!
Monday, May 6, 2013
තනි තටුවෙන් ....
2010 ජුනි 15 ..
ඇය බස් නැවතුම්පලෙහි නොයිවසිල්ලෙන්..
එක පිට එක වැටෙන මහ වැස්සට තෙත බරිත උනු සුදු සාරිය ඇඟ වට එතී මවන රටා ඔහුගේ හොර ඇහැට පෙනෙයි..
කෙතෙකුත් ඇහැ ඉවතට ගන්නට තැතනුවද යලි යලිත් මුරන්ඩු ඇස් බැල්ම නවතින්නේ පිරුනු ළැම සහ ඒ වටා ඇඳි නේක සුකොමල නිම්න කඳු බෑවුම් අතරම වේ.
"මොන මගුලක්ද .. " ඔහු සිතයි ..
"මෙච්චර ගෑණු දැකල තියෙන මට මේ කෙල්ලගේ අඩු වැඩියට මෙච්චර කෑදර හිතෙන්නේ ඇයි .."
ඔහු ඔහු ගැනම තරහින් ..
එහේ මෙහේ දුවන ඔහුගේ ඇස් බැල්ම ඇයට වැටහෙන්නට ගත වන්නේද සුලු වෙලාවකි.
රාගයට වෙනස් වූ ආදරයක, උණුසුමක සේයාවක් ඔහුගේ නෙත තුල දැවෙනු ඇය දකී.
අද පමනක් නොව ගෙවුනු බොහෝ දිනෙක ඈ එනතුරු හොරගල් ඇහිලූ ඔහුගේ දිලිසෙන ඇසින් යුතු සොඳුරු මුහුණ දැකගැනීම, සුපුරුදු බස් නැවතුම් පොළේ ඇගේද නොකී බලාපොරොත්තුවයි.
"අද නම් කතා කරනවමයි.." ඔහු තිර අදිටනින් ..
"අදවත් කතා කලොත්.. "ඈ දෙනෙතින් ආරාධනාවෙන් ..
2011 මාර්තු 31 ..
"දන්නවද .. මම මුලින්ම ඔයාව දැක්ක දවසේ මට මතක හිටිය එකම දේ ඔයාගේ මූණයි මෙන්න මේ ලස්සන ... " ඔහුගේ අත ඇගේ ළමැද සිසාරා දිවෙයි ..
"චිකේ වල් කොල්ලා .. "සෙනෙහසින් රතු වූ මුහුණින් ඇය ඔහුගේ පපුතුරෙහි සැඟවෙයි.
"දැකපු මුල්ම දවසේ මම හිතා ගත්තා වෙන කාටවත් මේවා අයිති වෙන්න දෙන්නම නෑ කියලා .. "ඔහුගේ අතැඟිලි දඟ පිම්මකින් ඇගේ උඩුකය පිරිමදී.
"හ්ම්ම්.. "ඇයට ඉතිරි ඒ දිගු සුසුම හෙලන්නට තරම් ශක්තියක් පමණි.
විවාහයෙන් පසු එළඹෙන සොඳුරුතම නිමේෂයට ඉඩ දෙමින් ඇය දෙනෙත පියා ගනී ..
2012 පෙබරවාරි 14 ..
"මගේ රෝස මල මට දුන්නු රෝස පොහොට්ටුවට මම ලෝකයක් තරම් ආදරෙයි .. "ඔහු දාඩියෙන් පෙඟුනු ඇගේ කෙහෙරැළි සීරුවට අතගාමින් මුමුණයි.
පැය ගානක් පුරා ඇඳුනු අනන්ත අප්‍රමාන දුක් වේදනා අතුරින් ඇගේ මුහුනේ සිනා මලක් පිපෙයි ..
"දන්නවා රත්තරං.. මම දන්නවා.. "ඈ ඔහුගේ අතක් සිප ගනී.
යාබද ලදරු තොටිල්ලේ සැතපෙන බිළිඳු අත මිට මොළවමින් කිරි වේල ඉල්ලා හඬා වැටෙයි ..
ඇය බිළිඳා ඇකයෙහි හොවා ඔහු දෙස බලයි ..
"ඔන්න ඉතිං.. ඉරිසියාව වැක්කෙරනවා මූණෙන් .. "ඇය ඔහුට සරදම් කරයි ..
ඔහු සිනාසෙයි ..
2012 මැයි 05 ..
"සමාවෙන්න.. අපිට ඒක කරන්නම වෙනවා.ජීවිතේ වැදගත් අනිත් කොයි දේටත් වැඩිය.
හිත ශක්තිමත් කරගන්න, මේ වෙලාවේ එයාට වැඩියෙන්ම ඕන කරන්නේ හිතේ නිදහස."
ඇය නිතර අඳින සාරියේ පාටම ලෝගුවක් දාගත් දොස්තර ඔහුට කියමින්..
ඔහු.. ලෝකය ගැන නිනව්වක් නැතිව හිසට ඉහලින් කැරකෙන විදුලි පංකාව දෙස බලමින් ..
ඇය... දොරෙන් එපිට සිට කඳුලු වැක්කෙරෙන මූණෙන් සියල්ලට ඇහුම් කන් දෙමින් ..
2012 සැප්තැම්බර් 06 ..
ඇය රෝහල් යහන මත අවසඟව උඩුඅතට වැතිර ..
ඇය වටකොට ගත් අනේක විධ යන්ත්‍ර සූත්‍ර වලින් නික්මෙන් මූසල හඩට සවන් යොමමින් .. ඔහේ වැක්කෙරෙන කඳුලු වැල් වලින් සුදෝ සුදු ඇතිරිලි තෙමමින් ..
ඇගේ අත සේලයින් බටයෙන් ඔද්දල්ව නිල් පාට වී ..
ඒ අත අමාරුවෙන් ඔසවාගත් ඈ හිමිහිට හිමිහිට ගෙල මුල සිට පහලට ඇගේම සිරුර ගවේශනයක යෙදෙමින් ..
එක තැනක ඒ අත නතර වී ..
අමාරුවෙන් පාට කල චිත්‍රෙකට වතුර වැඩි වෙලා බොඳ වෙලා වගේ ..
සීගිරි චිත්‍ර වලට තාර ගහලා වගේ ..
වීන්ස් පිළිමේ බිම අතෑරලා වගේ ..
කඳුලු ඇල්ල ආයෙත් අලුතෙන් ... මහවැළිය වාන් දැම්මා වගේ ..
"එයා කොච්චර ආදරේ කලාද මේ ඇඟට ..
කොච්චර නම් එයාගේ ඔලුව මගේ පපුව අස්සේ හංගගෙන ඉඳලා තියෙනවද ..
එයා .. එයා ..." ඇය සිහි විකල්ලෙන් ..
අතට හසුවන දළ මැහුම් පාරවල් සමග වෛරයෙන්, ඈ කෙරෙහිම් උපන් මහා අප්පිරියාවකින්, ඔහු කෙරෙහි උපන් දුකකින් ..
ඔහු.. හෙමීට රෝහල් කාමරයේ දොරෙන් එබෙයි.
අත රැඳි විසාල නෙලුම් මල් පොකුර මේසය මත ඇති මැටි බඳුනට දමයි.
"සුදු නෙළුම් .. කැළණියෙන්මයි ගෙනාවේ .. ඔයා ආස නිසාම .."
ඇය .. කිසිත් නොදුටු ඇසින්, නොඇසූ කනින් ..
ඔහු ඇගේ ඇඳ කොනකින් අඩමානෙට ඉඳ ගනී..
"ඔයාට කොහොමද දැන් .. සතියකින් ගෙදර යමු හොඳේ .. පුතා බලන් ඉන්නවා .."
ඔහු සිනාසෙයි ..
ඇය තවමත් ඇය වටා කිසිත් සිදුවන බවක් නොසිතමින්,ඇගේම ලෝකක .. තනියෙන් ..
ඔහු ආදරෙන් ඇගේ හිස අතගායි .. පුරුදු උණුසුමක් හිස් මුදුනින් පටන්ගෙන ඇගේ ගත පුරා දිවෙයි .. තවත් මුරන්ඩු හිතට ඉඩ දිය නොහී ඈ ඔහු දෙසට හැරී ඔහු වැළඳ ගෙන හඬා වැටෙයි..
"මේ මොකද මේ .. ඇයි මම එච්චරටම කැත වෙලාද සතියක් රැවුල නොකැපුවාම.. "
ඔහු විහිලුවක් කිරීමේ අසාර්ථක උත්සාහයක ..
ඇය ඉකි ගසමින් අඬයි ..
ඔහුගේ අත ආදරෙන් එදා මෙන්ම කොපුලත ගෙල මුල වන්දනා කරගෙන හිමි හිමීට පහළට ..
ඇය දරදඩු වෙයි..
එදා තිබුනු සුමුදු අවයවය වෙනුවට අද එතන ඇති වල ගොඩැලි ....
ඒ අත ගැටෙන ඔහුගේ වෙන විපිරියාසය .. ගෝනුස්සෙක්.. නෑ නෑ ගැරඩියෙක් අතේ ගෑවුනා වගේ අප්පිරියවාක් දැනීවි එයාට ..
ඇය සිතයි ..
අඩයි ..
ඔහුගේ අත සුපුරුදු පරිදිම නියමිත ආකරයෙන්ම හැසිරෙයි .. පළවෙනි මැහුම ඔහුගේ අත ගැටෙයි .. ඇගේ හදවත නවතී .. ඔහු ඒ මැහුම වටා මල් පෙත්තක් අල්ලන තරම් මෘදුව අතැගිලි ගෙන යයි .. දෙවන තුන්වන හතරවන මැහුම .. ඔහුගේ විකෘති වන මුහුණ දැකීමට බියෙන් තදකර පියාගත් දෙනෙත් ඈ හෙමින් විවර කරයි ..ඔහු ඇස් පියාගෙන .. මධුසමයේදිවත් ඇය නොදුටු තරමේ ආදරයකින් උණුසුමකින් ඔහුගේ මුහුණම එළිය වී .. සමනළ පියාපතක් අල්ලන තරමේ මුදු බවකින් ඇය නළවමින් ..
ඈ තනි තටුවෙන් පියාඹමින් ..
ඔහු ඇගේ අහිමි අත් තටුව වෙමින් ..
මා ඒ ආදරය අකුරු කරමින් ..
Subscribe to:
Post Comments (Atom)
අනේ සමාවෙන්න ඕනේ 2012 පස්සේ කියවන්න බය හිතුණා.මට නිකන් ඉඟියක් දෙන්න...
ReplyDeleteආයෙ නැහැ චේද දෙකෙන් මාව අතීතයකට ගෙනිච්චා ..ඉතුරු චේද බලන්න බය හිතුණේ ඒකයි..කොහොම නමුත් ඒ ටික නම් සෑහෙන්න දැනුන.මගේ හිත ළාමක වැඩියි දරුණු අවසානයක් දකින්න නම් ලකියෝ...
මට ඉඟියක් දෙන්න..
අවසානය හොඳයි .. ඒ ඇතිනේ :)
Deleteමරු මරු...නියමයි....
ReplyDeleteවරක්
විඳි අයෙක්
දනී
සැක නැතුවම
හංසයෝ
ඉගිලුන කල
උන්
තබා යන
උණුහුම
ඔන්න පළවෙනි පාරට මට රිප්ලයි කවියක් මතක් වෙන්නේ නෑ ..
Deleteකවිය නියමයි :)
හරිම සංවේදීයි.
ReplyDeleteබයෙන් බයෙන් කියෙව්වෙ. බය හිතුනෙ අන්තිමට දුක හිතෙන දෙයක් වෙයි කියල.
දුක හිතුනත් ඒ මම බය වෙලා හිතාගෙන හිටපු අවසානය නෙවෙයි....
හැම අවසානයක්ම දුකින් ඉවර කරලා මටම ඇති වෙලා දැන් ..
Deleteස්තූතියි දැනෙන විදිය කියන්න වෙලාවක් වෙන් කලාට .. :)
හරිම වෙනස්...
ReplyDeleteවෙනස්ම හැඟීමක් දැනෙන්නෙ..!
ස්තූතියි වීයෝ .. වෙනසක් කරන්නයි මට හැමදාමත් ඕන :)
Deleteකොල්ලෝ බලන්නේ කොහොමත් ඔය ගැන නේන්නන්
ReplyDeleteහ්ම්ම්.. එහෙම නොබැලුවොත් ඉතිං ඌ කොල්ලෙකුත් නෙමේනෙ ;)
Deleteකතාව කියවන්න පටන් ගද්දිම මට මේ සිංදුව මතක් උනා ... මම ආසම වගේම බයම සිංදුවක් ...
ReplyDeleteරෑ අහසේ සඳ පායන්නේ නෑ
මේ අන්ධකාරේ මට පුරුදු නෑ
ළඟ උන්නු කාලේ අමතක වෙන්නේ නෑ
ඔබ ළඟ නැතිදා අඳුරේ ඉන්න බෑ
ආදර වදන් වැල් ඔබ මට කියා දුන්
පෙරසේම අදටත් ඇහෙනවා
වෙන් වී ගියේ ඇයි සිහිවේ ඔයාමයි
හිත මගේ හඬා වැටෙනවා
සැමදා මගේමයි කීවේ ඔයාමයි
ඔය දෑස අද ඇයි ඉවත බලා
සිහිනේ සදාකල් සැදුවේ ඔයාමයි
අද මම මෙහේ තනිවෙලා
නමුත් me කතාවනම් මිට වඩා හොදයි වගේ... හොද නිර්මාණයක්.. මගේ සුබපැතුම් :)
අහල නැති සින්දුවක්..
Deleteලස්සන පද පෙළක්.
බොහොම ස්තූතියි මල් මිටට :)
ලස්සනයි බාදුරා අසපුව..ඒත් අවුරුදු ගානක අත්දැකීමෙන් කියන්නම් ඔය ආදරේ මහ පට්ටපල් බොරුවක්...මාත් සෑහෙන කාලයක් බොක්කෙන් කරපු ආදරයක් එදා මට පාට් දාල මගෙ හිත කෑලි කෑලි වලට කඩලා දාලා අවුරුදු 3කට පස්සෙ මගෙ කකුල් දෙක ගාව ඉන්නවා..ඒත් එදා දැනිච්ච් ආදරෙන් දශම පහක් වත් ,එදා ඇස්දෙක රතුවෙනකම් එයාවෙනුවෙන් අඩපුවා වත් අද දැනෙන්නෑ..අද එයා මට නිකම්ම නිකන් "බඩුවක්" විතරයි..
ReplyDeleteසමාවෙන්න සමහර අසැබි වචන මගෙ ශබ්දකෝශයෙ තියෙනවා.
ආදරය ..
Deleteමම හිතන්නේ ඒක තේරුම් ගන්න තරම් තාමත් අපි පරිණත වෙලා මදි.
කතාවේ ට්‍රිල් එක මානවකයා ඩබල් කලා..
ReplyDeleteජය !
එකෙන්ම.. සුපිරි කවියක් .. :)
Deleteඔබටත් ජය !!
මේ ලිවිල්ල නම් මට දිරෙව්වේ නෑ!!! ;)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අවුලක් නෑ .. දිරෙව්වෙ නැති ටික ඉක්මනට වමනේ කොරන්ට .. :P
Deleteසාමාන්‍යෙයන් කොමෙන්ට් ලියන්න හිත නොදුන්නත් , මේ සටහනට වචනයක් නොලීවොත් වරදක්ය යන හැඟීමක් එන් තරමටම සංවේදී , සාර්ථක නිර්මාණයක්..
ReplyDeleteස්තුතියි ,ඔබට සුබ පැතුම් නිර්මාණ කාර්යයයේ ඉදිරියටත් යෙදෙන්නට
බොහොමත්ම ස්තූතියි, ලියවිල්ල කියවීමට මෙන්ම ඒ ගැන වචනයක් ලියන්නට ඔබ වෙන් කල කාලයට .. :)
Deleteඇත්තම ආදරයක්...
ReplyDeleteහ්ම්ම් ..
Deleteගොඩක් සංවේදී, හිතට 'වදින' ලියැවිල්ලක් අක්කී.. (Y)(Y)
ReplyDeleteඉස්තූති වේවා .. :)
Deleteසුපිරි ...
ReplyDeleteවෙන කියන්න දෙයක් හිතාගන්න බෑ.
අපෝ ඔය කිව්වා මදැයි :)
Deleteමොකක්ද කියන්න ඕනෙ? හැමදාමත් කියන දේම??? :) (Y)
ReplyDeleteහ්ම්ම්.. මමත් හැමදාම කියන දේම කියන්නම්... ස්තූතියි හිතුවක්කාරියේ .. :)
Deleteආදරේ.....
ReplyDeleteහ්ම්ම්..
Deleteසැබෑ ආදරයක් කියන්නේ ශරීරයට භාහිර පෙනුමට කරන දෙයක් නෙවෙයි. එය හදවතින්ම එන දෙයක් ඒකයි එකට ආදරේ කියන්නේ.
ReplyDeleteහ්ම්ම්..
Deleteඔයා හරිම ලස්සනට ලියලා තියෙනවා. අපූරුයි. කියන්න වචන නැහැ.
ReplyDeleteබොහෝම ස්තූතියි :)
Deleteලස්සණට ගළපපු සංවේදී කතාවක්. මගේ හිතට හුඟක් දැනුනා. මේ වගේ ආදරයක් ලබපු "ඇය" මොන තරම් වාසනාවන්ත ද?
ReplyDeleteමේ තරම් ආදරයක් ලබපු ඇය ක් ඉන්නවද කියන එක මට ප්‍රශ්නයක්.. මේකේ තේමාව "මම සොයනා ආදරයක ෆැන්ටසි වියමන" .. ඒ කියන්නේ මමත් තාම ඒ තරම් ආදරයක් ලබන ඇයක් ව හොයනවා ..
Deleteස්තූතියි කොමෙන්ටුවට :)
ඕනම කොල්ලෙක් (අති බහුතරය මමත් ඇතුළුව) මුලින්ම බලන්නෙ කෙල්ලෙක්ගෙ බාහිර පෙනුම. අනිත් කෙල්ලන්ට වඩා විශේෂයක් දැක්කොත් ඒ ශරීරයට හිත යනවා.. ඊට පස්සෙ ආශ්‍රය කරද්දි තමයි තමන්ගෙම කියන හැඟීම දැනෙන්නෙ.. ඒක හරි අමුතුයි. මටත් කියන්න තේරෙන්නෙ නෑ. ඒත් මුලින් බලපු හොයපු අර දේවල් මහා පුස්සක් වෙනව කාලයත් එක්කම. ඊට වඩා වටිනව එයා එක්ක කතා කරන වචනයක්....
ReplyDeleteමනුස්ස ගතිය එහෙම වෙන්න ඇති
හ්ම්ම්.. මනුස්ස ගතිය.. බුදුහාමුදුරුවන්ම විතරක් තේරුම් ගත්තු මහා සංකීර්ණ මාතෘකාවක් ..
Deleteමේකෙ තියෙන ෆැන්ටසි ආදරය යථාර්ථ ආදරයක්ම වෙලා ලකියට ලැබේවා !
ReplyDeleteබොහොම ස්තූතියි ප්‍රාර්ථනාවට.. ඒත් ඒක ඉබ්බෙක්ට පිහාටු ලැබේවා කියලා කරන ප්රාර්ථනාවකටත් වඩා අභව්‍ය එකක් .. :)
Deleteඉබ්බොන්ට කවදාවත් පිහාටු ලැබෙන්නෙ නෑ.. ඒත් උත්සාහ කරොත් ලබා ගන්න පුළුවන්..
ReplyDeleteලැබෙනකම් හිටියට කිසි දෙයක් ලැබෙන්නෙ නෑ
සමහර ඉබ්බෝ ඒ නොලැබෙන ෆැන්ටසිය මත්තෙම නැහිලා ජීවිතේම විනාස කරගෙන තියෙනවා යසිත්. දැන් හැම දේම අල්ලලා දාල ඉන්නේ උත්සාහ කරල කරල එපා වෙලා නිසා වෙන්න පුලුවන්
Deleteඑතකොට ඔයා වාසනා සෙව්වන්දි නෙමෙයි ද ?
ReplyDeleteවෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. ඒක අදාල නෑ නේද .. බාඳුරා අසපුව ඇතුලෙදි මම Lucky Rose විතරයි ..
Deleteඔයාගේ ලියවිල්ල ලස්සනයි වාසනා....
Deleteස්තූතියි..
Delete