හචිං ..
මට නිව්මෝනියාව වගේ ..
හුස්ම ගන්නත් අමාරුයි ..
මැරෙයි මෙහෙම ගියොත් ..
මොකෝ උනේ ??
වැස්සට තෙමුනද ??
පිස්සුද ..
වැස්සක් ලඟ ආවත් මම කුඩේ ඇදල අරං ඉවරයි ..
චුට්ටක් තෙමුනත් සමහන් බොනවනේ ..
දන්නවනේ මාව ..
මම සෑහෙන්න පරිස්සම් ..
හ්ම්ම් ..
එතකොට ඇයි මේ නිවුමෝනියාව ..
හුස්ම බටේ අයින් කලොත් මැරෙන තරමට අමාරු උනේ මොකද ..
ආ..
ඒ මේ පින්නට තෙමිලා ..
මොකක් ..
පින්න ..
පින්නට තෙමිලා ..
කෝ එතකොට අර කිව්ව පරිස්සම ??
කවුද දෙයියනේ පින්නට කුඩ ඉහලන්නේ??
පින්න වැටෙනව වත් දැනෙනවද .. නෑනේ ..
අනික වැස්ස වගේද පිණි වැටෙද්දි දැනෙන සනීපෙ ..
හචිං .....
අනේ තොට හොඳ වැඩේ ..
වැස්ස හැදුනු එච් 2 ඕ වලින්මයි බොල පින්නත් හැදිලා තියෙන්නේ ..
ඒ පොඩි දේ තේරුම් ගන්න බැරි මැටි මෝලෙක් ඉඳල වැඩක් නෑ ..
මැරියන් ඉතිං ..
උඩ දාගෙන .. ලැජ්ජ නැතුව තාමත් තෙමෙන ..
උඩ දාගෙන .. ලැජ්ජ නැතුව තාමත් තෙමෙන ..
පිණි නිව්මෝනියාවෙන්ම .. !!
නෙද්දකින්
ReplyDeleteඔයා නම්
පින්නට තෙමිලා
මැරෙන්න
හදන්නේ
මතක නැද්ද
ඔයා
ඉකි ගහ ගහ
අඬපු තරං....
(දැනගන්න
අහන්නේ
කඳුළු හැදෙන්නෙත්
එච් 2 ඕ
වලින්ම
නේද)
ඔව්නේ ..
Deleteකඳුලු හැදෙන්නෙත් ..
එච්2ඕ වලින්ම තමයි ..
හැබැයි එකට එකක් ..
සෝඩියම් ක්ලෝරයිඩුත් තියෙනවා ..
කඳුලු වල ..
ඒ නිසා ..
පිණි තරම්ම ..
අගුණයක් නෑ ..
ඇඟට .. !!
නෙද්දකින් නේන්නම් .. ;)
මට කට උත්තර නැත.......... :D
Deleteහා හා මරු උත්තරෙ!!! (Y) :D
Delete@ mane n laki
Delete+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ලස්සනයි..!!
ReplyDeleteයටි අර්ථයක් තියෙනවා වගෙ..
අදයි ආවෙ බාදුරා අසපුවට
ස්තූතියි Nishi..
Deleteඇවිත් යන්න එන්න නිතර නිතර ..:)
(Y)
ReplyDeleteතැන්කුයි :)
Deleteනියම අදහසක්.. ජය වේවා
ReplyDeleteස්තුති වේවා :)
Deleteලස්සනයි අක්කි, හැමදාම වගේ අමුතු, වෙනස්.. ලස්සන සිතුවිල්ලක්.... :)
ReplyDeleteස්තූතියි හිතුවක්කාරියේ :)
Deleteෂා මේ තියෙන්නේ විශිෂ්ඨ නිර්මාණයක් ලකී ...
ReplyDeleteමට නම් හරි අගෙයි මේ දේ...ලොකුම ලොකු අර්ථයක්
තියෙනවා ..කණාමැදිරියා මේ පාර හපලා විස උඩු
දුවලා වගේ නේද ..?
ඒක නෙවේ ඔයා මැරෙයිද ..?
( අන්තිම වාක්ය ලිව්වේ අපේ පහත් මානසිකත්වය
වඩාත් හොඳින් පෙන්නුම් කිරීම සඳහා ..:P )
ස්තූතියි සහන්.. කොමෙන්ටුවට විතරක් නෙමේ .. ඇත්තම කියන්න ආයේ මුකුත් ලියන්නේ නෑ කියලා හිතාගෙන හිටි මට ඔයා දීලා තිබුනු කොමෙන්ටුව ආපහු ලියන්න ආසවක් ඇති කලා.. ලියන දේ කියවන්න පිරිසක් ඉන්නවා කියලා දැනෙන එක මට ලොකු සතුටක් .. පිං !!
Deleteමැරියන් කියන්නේ අර රෙබින් හුඩ් ගේ ගෑනු සතා ගේ නම නේද?
ReplyDeleteහැබෑමයි කතන්දර ආතේ ...රොබින් හුඩීට නේන්නම් මැරියන් කියන්නේ..
Deleteහ...හ...හාච්චිං....
ReplyDeleteහචිං හචිං හාචිං x)
Deleteම් ලස්සනයි.. හැංගුනු මට නොතේරැනු දෙයක් තියේ කියල හිතුන. ජය!
ReplyDeleteහ්ම්ම් ... ගනන් ගන්නෙපා.. දැන් දැන් මටත් හැංගුනු එක එක තේරුම් පේනවා :)
Deleteපුංචි මට නොතේරැන තේරැමත් තිබුනද කියලත් හිතුන.. ජය!
ReplyDeleteම්ම්ම් ... තේරුම් ගොඩක් හිතාගන්න පුලුවන් .. එක එක්කෙනා බලන විදියට .. පුංචි ඔයත් තේරෙන දෙයක් තේරෙන විදියට පුංචියට තේරුම් ගන්නකෝ ;)
Deleteතෙමෙන්න ආස හිතුනම මොන ලැජ්ජාවක්ද.. ලස්සනයි අදහස..
ReplyDeleteහ්ම්ම්.. :)
Deleteස්තූතියි කොමෙන්ටුවට