මට තවමත් උඹව තේරුම් ගන්න බෑ ..
උඹව ජීවත් කරවලා මට මහන්සියි ..
උඹ වෙනුවෙන් හුස්ම අරං, උඹ වෙනුවෙන් එලඹෙන හැම දවසකම මේ රේස් එක දුවලා මට මහන්සියි ...
උඹට මොනවද ඕන මගෙන් ...
මට ඒක තේරෙන්නෙම නෑ ...
පොඩි කාලේ හිතුවා උඹට ඕන ශිෂ්‍යත්වේ පාස් වෙන්නයි කියලා .. ඉතිං මම ඒක කලා. ලොකු ඉස්කෝලෙකට ගියා. හිතුවා එතනින් ඉවරයි කියලා.. හිතුවා උඹ සතුටු වේවි කියලා, හිතුවා උඹ සැනසේවි කියලා .. ඒත් නෑ.. උඹ මට තවත් ඉලක්කයක් දුන්නා .. උඹ කිව්ව ඕලෙවල් පාස් වෙයන් කියලා.. නිකනුත් නෙමේ "ඒ" අකුරු පෝළිමක් එක්ක.මට වෙන තෝරාගැනීමක් තිබුනේ නෑ.. මට කරන්න තිබුනු එකම දේ උඹේ ඒ කොන්දේසියටත් යටත් වෙන එකම විතරයි.. ඉතිං මම ඔලුව නැමුවා .. උඹට ඕන දේ දෙන්න මහන්සි උනා මට පුලුවන් උපරිමයෙන්. ඕලෙවල් කලා.. හුස්මක් ගන්න ඉඩක් ලැබුනේ නෑ උඹ ආයෙම ආවා ඒ ලෙවල් ඉලක්කයක් අරගෙන .. මේ අන්තිම වතාව..අයේ කරදර කරන්නේ නෑ.. එහෙමයි උඹ කිව්වේ .. හරියට ඒලෙවල් කරගනින්.. එච්චරයි.. එතනින් එහාට ගොඩ .. මම උඹ කියපු දේ ඇහුවා.. විස්වාස කලා උඹව.. බකමූණියෙක් වගේ රැ එළි වෙනකන් පාඩම් කලා .. ෆිසික්ස් පොත් වල ලියවුනු කවි, එක පෑන් ඉරෙන් කපලා දාලා ඒ ඉඩ නිව්ටන්ට, පයිතගරස්ට දුන්නා .. දේදුන්නේ පාට අමතක කරලා එස්ටර වල කාබනික සංයෝග වල පාට කටපාඩම් කලා .. වෙනදා ලස්සන දැකපු සමනළයගේ අභ්‍යන්තර ව්‍යුහය හොයන්න ගිහින් ඒ දැකපු ලස්සන ආයේ දකින්න බැරි උනා ...
අවුරුදු තුනක් නෙමේ..අවුරුදු පහක්ම .. ඒලෙවල් හීනයේ මම උඹ නිසා හිටියා.
අවුරුදු පහක්ම උත්සාහ කලත් ඒලෙවල් වලට උඹ දුන්නු ඉලක්කෙට මට යන්න බැරි උනා .. දොස්තර නලාව උඹට අරං දෙන්න මට බැරි උනා.උඹ මට බැන්නා, මාව නොමරා මැරුවා .. ඒත් උඹ කැමති උනේම නෑ මාව දාල යන්න ..ඇහුවා නේද මම උඹෙන් මාව දාල යනවද කියලා ?? ඇහුවා නේද මම .. ඒත් උඹ ගියෙ නෑ.. උඹට ඕන උනේ තවත් මාව මඩවන්න .. උඹේ ඉලක්කෙට මට උඹව ගෙනියන්න බැරි උන නිසා මමත් කර බාගෙන හිටියා .. පළවෙනි තෑග්ග නොලැබුනාම උඹ ඊලගට ඉල්ලුව සැනසිලි තෑග්ගක් .. මොකක් හරි උපාධියක් .. ඒකයි උඹේ ඊලග ඉල්ලීම .. ඒ වතාවේ මම දෙපාරක් නොහිතම උඹ ඉල්ලපු දේ දෙන්න හිතාගත්තා .. මොකද මම ඒ වෙද්දි උඹව අන්ත කුජීත විදිහට චාටර් කරලා තිබුනු නිසා, මම ඒලෙවල් ඇන ගත්තට උඹට ලෝකෙ රටේ හැමෝම හිනා උන නිසා.. මම මගේ උපරිමය මහන්සි උනා උඹට උපාධිය අරං දෙන්න.. එක උපාධියක් නෙමේ දෙකක්ම මම උඹට අරං දුන්නා..
උඹට දුක හිතුනද මම උන මහන්සිය දැකලා ??
ඒකද උඹ මට සතුටක් හිනාවක් ගෙනත් දෙන්න උත්සාහ කලේ ??
ඒකද උඹ එයාව මගේ ජීවිතේට ගෙනාවෙ ??
උඹට මම ගැන දුක හිතුන නිසාද .. ??
හිනාවක්, සතුටක්,ආදරය්ක් නොදැක්ක .. පොතින් තොර ලෝකයක් නොදැක්ක .. රොබෝවෙක් වෙලා හිටි මම ගැන දුක හිතිලද උඹ එයාව මගේ කථාවට ඇද ගත්තේ.. උඹට ඕන උනාද මට උඹව විඳින හැටි පෙන්නන්න.. විඳවපු උඹව විඳින හැටි එයා ලවා පෙන්නන්නද උඹට ඕන උනේ ...
ඇත්ත.. මට අදටත් උඹට බනින්න බැරි ඒ හේතුව නිසා. උඹ මට පෙන්නුවා මම උඹව ජීවත් කරන්න ඕන ඇයි කියලා. උඹ මට පෙන්නුව උඹව විඳින හැටි .. එයා මම හරහා උඹව ජීවත් කෙරෙව්වා, උඹව සතුටින් තිබ්බා.. එයා මට ඔප්පු කලා උඹ එක්ක ඉන්න එක අමාරු නෑ කියලා, උඹ එක්ක යාලු උනොත් දැනෙන සතුට එයා මට පෙන්නුවා.. මම උඹට ආදරේ කලා, උඹ මගෙත් එක්ක ඉන්න එක ගැන මම සතුටු උනා, උඹට යන්න නොදීපු එක ගැන මම පට්ට සතුටු උනා ...
ඒ එයා ඉන්නකන් ...
උඹ එයාව මගෙන් උදුර ගත්තා.. උඹම පෙන්නපු සතුට උඹම ආයේ ගත්තා.. මගෙන් ඇහුවෙවත් නැතුව, මට කියන්නෙවත් නැතුව.. උඹම මට පුරුදු කල රටාවකින් උඹම මාව පයින් ගහලා විසී කලා .. උඹම මට පෙන්නපු හීනෙකින් උඹම මාව කොනිත්තලා ඇහැරෙව්වා .. එයාව එක්කගෙන එද්දි තිබුනු ආදරය අනුකම්පාව එයාව ආයේ උදුරගනිද්දි උඹ ලග ගෑවිලාවත් තිබුනේ නෑ.. උඹ හරියට ප්‍රයිවට් බස් කොන්දොස්තර කෙනෙක් වගේ ආදරෙන් මාව ඒ හීනේ ඇතුලට කැන්දගෙන ඇවිත් ඊටපස්සේ කනෙන් ඇදලා එළියට විසි කලා .. මොනව උනාද කියලා හිතාගන්නවත් මට වෙලාවක් නොදී ..උඹ හිනා උනා මට .. උඹ කෑ ගහලා කිව්ව මට, "පුලුවන් නම් ඔප්පු කරපන් පැවැත්ම .. මම උදුරගත්තා සබ්බ සකල මනාවම .. ඔන්න පුලුවන් නම් පැවතිලා පෙන්නපන් "... උඹ එහෙම කිව්වා.. මම ඔලුව උස්සන්න හදන වාරයක් වාරයක් ගානේ උඹ මට පයින් ගැහුවා.. මට හිනා උනා .. උඹ ලේසි කලේ නෑ මට කිසිම දෙයක් .. උඹ එයත් එක්ක එකතු වෙලා මට හිනා උනා, මට නින්දා කලා, අපහාස කලා ...
මට ඕන උනා උඹෙන් වෙන් වෙන්න..
උඹව එලවලා දන්න..
මම උත්සාහ කලා උඹෙන් මිදෙන්න..
මම දන්න විදි දෙක තුනකින්ම..
ඒත් උඹ මුරන්ඩුයි.. උඹ ශක්තිමත් ... එක්කෝ මම දුර්වලයි ..
මොන හේතුවෙන් හරි උඹ මාව දාල ගියේ නෑ.. ගියේම නෑ ..
ජීව්තය ...
මට මහන්සියි ..
මට උඹ වෙනුවෙන් හුස්ම අරං මහන්සි..
උඹ වෙනුවෙන් කාලා මහන්සියි..
උඹ වෙනුවෙන් ඇවිදලා මහන්සියි..
උඹට ඕන දේ දෙන්න උත්සාහ කරලා මට මහන්සියි ..
මට උඹ වෙනුවෙන් ලෝකෙට පේන්න හිනා වෙලා මහන්සියි.
මට උඹේ බලාපොරොත්තු ජීවත් කරවලා මහන්සියි ..
මට උඹේ හීන ඔලුවේ තියන් ඉඳලා මහන්සි ...
මට උඹ වෙනුවෙන් බලලා මහන්සියි, අහලා මහන්සියි, විඳලා මහන්සියි .. !!
මට උඹේ බලාපොරොත්තු ජීවත් කරවලා මහන්සියි ..
මට උඹේ හීන ඔලුවේ තියන් ඉඳලා මහන්සි ...
මට උඹ වෙනුවෙන් බලලා මහන්සියි, අහලා මහන්සියි, විඳලා මහන්සියි .. !!
උඹ මට කිසිම දෙයක් ලේසි කලේ නෑ.. උඹ ලස්සනයි කියලා මම මගේම හිතට ඒත්තු ගන්නන්න හදන හැම වෙලාවෙම උඹ ඒ ඔක්කොම කඩා බිදලා දානවා.. මම මගේ හීන මාළිගාව වැලි ගොඩේ හදන්න හදනකොටම උඹ මහා රැල්ලක් එවලා ඒක කුඩු පට්ටම් කරලා දානවා .. මම උඹ නිසා එක මිනිත්තුවක් හිනා උනොත් උඹ ඒ හිලව්වට මාව අවුරුද්දක් අඩවනවා ... මම උඹට උපාධිය දුන්නා.. මම උඹට හොද උසස් වැදගත් රස්සවක් අරං දුන්නා .. උඹට තව මොනවද මගෙන් ඕන ..
මම හුස්ම ගන්න බෑ කියද්දි කියද්දිත් උඹ පෙනහලු ක්‍රියා කරවනවා..
ඒ තාලෙට හදවත ගැහෙනවා ..
ඉතිං මොලේ වැඩ කරනවා ...
මට රිදෙනවා ..
උඹ ඒ දිහා බලාගෙන හිනා වෙනවා ...
උඹ විඳිනවා මගේ විඳවීම ...
ජී වි ත ය ...
උඹට මගෙන් මොනවද ඕන ??
උඹ මාව අතෑරලා යනව නම් ..
අනේ ඇත්තමයි ..
මම උඹට ඉල්ලන ඕනම දෙයක් දෙයක් දෙනවා ..
මම පල්ලා ... !!
උඹ මාව අතෑරලා යනව නම් ..
අනේ ඇත්තමයි ..
මම උඹට ඉල්ලන ඕනම දෙයක් දෙයක් දෙනවා ..
මම පල්ලා ... !!
පිස්සු නම් නටන්න එපා!! :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
:)ඉස්තූතියි :)
Deleteඇහ්...හැබෑට ඕකට මොනවද ඕනි වෙලා ඇත්තේ...
ReplyDeleteදන්නෑ .. ඒක තමයි මමත් හොයන්නේ :/
Deleteස + මා + ජ + ය
ReplyDeleteඋඹට මොනවද ඕනා... උඹේ රොත්තටම මාව ඇඳලා දාන්නද? උඹ දකින විදියටම ලෝකය දකින්නද ?
උඹව පහු කරල යන්න උත්සාහ දරන හැම තිස්සෙම උඹ මගේ කකුලෙන් ඇද්දා.. මම වැටුණා.. ඒත් මම නැඟිට්ටා.....
උඹට ඕන උනේ මාවත් උඹේ රූකඩ ගොඩට එකතු කර ගන්න.. බුද්ධියට නැතුව සාම්ප්‍රදායට ඉඩ දෙන්න...
මම ඒ රාමුවෙන් පිට පනින හැම වෙලාවකම උඹ මට ඔච්චම් කරා... මාව මානසිකව වැට්ටුවා.. ආපහු මාව උඹේ රූකඩ ගොඩට ඇඳල දැම්මා...
අන්තිමට උඹ දිනුවා..... මමත් උඹේ රූකඩයක් උනා....... අඳින පළදින - කන බොන ඇවිදින හැම දේම උඹට ඕන විදියට කරන්න මම පෙළඹුණා...
- මීට මගේ ජීවිතය
ස මා ජ ය ..
Deleteඩාවින් ඇත්ත බව ආයෙමත් උඹ ඔප්පු කලා ..
මට තිබුනේ තෝරාගැනීම් දෙකයි..
එක්කෝ වැල යන පැත්තට මැස්ස ගහන්න, නැත්නම් සමාජයෙන් අතුගෑවිලා යන්න..
මම පළවෙනි එක තෝරගත්තා..
මගේ පැවැත්මට ..
ඔව්..
උඹ දිනුවා ..
මමත් මේ නාඩගමේම තවත් එකෙක් උනා ..
මම කියන ජීවියා මැරුනා ...
පිස්සු හැදෙනවා මේක කියෙව්වම. මේ නිර්මාණයක් නේද සහොදරි...
ReplyDeleteම්ම්ම්.. නිර්මාණයක් විතරයිමද කියන්න මමවත් තාම දන්නේ නෑ සහෝ .. එහෙම උනොත් හොඳයි කියලා හිතමු නේද දැනට :)
Deleteaththa...
ReplyDeletesahathika atta...
uta monada ona?
u hari naharayek!!
lesiyen sanasenne ne.
dannawada baddak?
u apata noterenna horarahase hada kamak geniyanawa.
dannawda ka ekkada kiyala.?
samajaya kiyala maha kuriru hadayek ekkala.
u tamayi apiwa ridduwe. uge kimata..
ow....
uge kimata tamayi..
shishatwe pass wune.. upadi gatte.rassa dunne. me serama uta.!
balamu.. api dawasaka nagitimu. adapu. ridichcha seram ekkala eka podiyata.
edata u dana gani api.tama jeewithe ekkala hadayi kiyala.
jaya wewa. sinhala nati wunata sama wenna.(huna)
හ්ම්ම්..
Deleteමටත් හිතුනා ඌ මටත් හොරෙන් වෙන කාගේ හරි එක්ක ගේමක් ගෙනියනවා කියලා .. මට ඌ විතරයි උනාට ඌට ඔය සමාජය කියන එකාත් ඉඳලා තියෙනවා ... තේරෙනකොට මම පරක්කු වැඩි .. සමාජය තමයි ජීවිතේ මාර්ගයෙන් මාව රූකඩයෙක් කලේ .. සමාජේ කියන පදේ ජීවිතේ ගැහුවා.. මම ඒ පදේට දන්න තරම් කස්තිරම් දාල නැටුවා ... දැන් උන් දෙන්නම හිනා වෙනවා බිම වැටිලා හති දාන මම දිහා බලාගෙන ....
මේ තියෙන සිංහල හොදටම ඇති හූණා මලේ ..
ජීවිතට අපිට හුගක් දේවල් දෙනවා වගේම අපෙනුත් දේවල් ඉල්ලනවා බලාගෙන යද්දී.. ඒකනේ අපි අපිවම සතුටු කරන්න හැම වෙලේම උත්සාහ කරන්නේ..
ReplyDeleteදෙනවට වඩා දස දහස් ගුණයක් දේවල් ආපිට ඉල්ලනවා නේද ඇත්තටම ....
Deleteමොකක්ද වෙනව අයියෝ...
ReplyDeleteජය !
හ්ම්ම්..
Deleteකුචු කුචු හෝතාහේ ;)
හැඟීම්බර ලිවීමක්. ඔබට විද්‍යුත් ලිපියක් එවා ඇත.
ReplyDeleteබොහොම ස්තූතිය .. හැකි වූ වහාම ලිපිය කියවා පිළිතුරක් එවමි ...
Deleteබොරුවට බටර් ගානවා කියල නම් හිතන්න එපාය.. නමුත් මිනිහෙක් මලාට පසු ඒ මිනිහාගේ පෙට්ටිය ලගට වී ගුණ ගායනා කිරීම මට පෙන්නන්න බැරි දෙයක් නිසා කිව යුතු දේ දැන් කියමි .. ඔබගේ ලියවිලි රටාව අපූරුය.. ලියන දේවලුත් අපූරුය ... ඔබ වැන්නන් දිගටම ලිවිය යුතුය .. :)
අපි කවදාවත් සෑහීමකට පත් නොවන කොටසක්. ඒ ගතිය ස්වාභාවිකයි
ReplyDeleteහ්ම්ම්ම්ම් ....
Deleteමට රිදෙනවා
ReplyDeleteරිදුනම
අඬනවත් එක්ක
හැබැයි
මගේ
සවුන්ඩ් ප්රුෆ් හදවතයි
වෝටර් ප්රුෆ් ඇස් දෙකයි
කවදාවත්ම
මගේ දුක
එලියට
දාන්නේ නෑ...
සව්න්ඩ් පෲෆ් ..
Deleteවෝටර් පෲෆ් ..
මොන මොනා පෲෆ් උනත්
ඕනම පධාර්ථයක් බිඳ වැටෙන
එක සීමාවක් තියෙනවා ...
එදාට ..
මුලු ජීවිත කාලෙක සවුන්ඩ්ස් ..
කන් අඩි පුපුරවගෙන
සිස්ටම් එක ඇතුලට එනවා ..
ජීවිතේ බැමි කඩාගෙන
වතුර වාන් දානව .. !!
එතකොට මට දැනෙනවා
ReplyDeleteමට රිදෙනවා
ලස්සනයි.. අදමයි ආවේ... ආයෙත් එන්නම්
බොහොමත්ම ස්තූතියි .. :)
Deleteඔව් .. ඉඩක් ලැබෙන වෙලාවට ඇවිදින් යන්න ..
me parath man giya wele mat ohomadeyak una..
ReplyDeletekenek muna gahuna , daala ennama bari tharam
lan weemak danuna..
balamu mokada wenne kiyala...
aththatama godak kalekin jeewath wenna
hayyak labuna..
( wish me the best Rose..)
වචනයෙන් නොකිව්වත් මගේ එකම ප්‍රාර්ථනය හැමෝම වෙනුවෙන් හැමදාටම එකම දෙයයි සහන් ... ඒ .. මට නොලැබුන හැම දෙයක්ම.. ආදරය,සතුට, හැමදෙයක්ම .. අනිත් හැමෝටම ලැබෙන්න කියන එකම විතරයි ... එච්චරයි ... !!
Deleteඔන්න එහෙනම් අපිත් මේ පැත්තට ආවා...අවුලක් නෑනේ.....?
ReplyDeleteඅපොයි කිසිම අවුලක් නෑ .. නිතර නිතර ඇවිත් යන්න ;)
Deleteඅලුත් එව්වා මුකුත් නැහැද ?
ReplyDeleteආයේ මම ලියන්නේ නැති වෙයි සහන් ....
Deleteඑහෙම හිතන්න එපා ලකී..අඩුම තරමේ ඔයා ආස පොතක් ගැන ,
Deleteපුංචි කාලේ බලපු කාර්ටුන් එකක් ගැන , ආස කරන විෂයක් ගැන
හරි පොඩි දෙයක් ලියන්න...ඔයා දන්න අනික් කෙනෙක්ට වැදගත්
දේවල් ගැන ලියන්න...නැත්නම් එක එක ලිපි සිංහලට පරිවර්ථනය
කරන්න...
නිකම් ඉන්න එපා..දිගටම ලියන්න...අපි නොහිතුවට බ්ලොග් එහෙකින්
උනත් අපේ හිත recover වෙනවා...
මම ලියන්න පටන් ගන්න හේතුවක් තිබ්බා සහන්.. මට ඕන උනා කෙනෙක්ට පෙන්නන්න මට ලියන්න පුලුවන් කියලා.. ඒත් මම පරාද උනා.. මට ලියන්න බෑ .. මම ලියන්නේ බහු බූත, තේරුමක් නැති වැල් වටාරම් මිස සාහිත්‍ය නෙමේ කියන එක එයා මට ඔප්පු කරලා පෙන්නුවා :)
Delete
Deleteඅනේ මේ රට්ටුන්ට ඕනේ හැටියට පුලුවන්ද නටන්න ..
ඔයාගේ නිර්මාණ මහා ඉහළ අයට නම් වටින්නේ නැතුව
ඇති..ඒත් අපි වගේ පහල රසඥතාවයක් තියෙන , බුද්ධියෙන්
හීන පිරිස වෙනුවෙන් ලියන්න...ඒ ඇති..
ලොකු අයට ක්ෂේක්ෂ්පියර් ඉන්නවා ..අපිට කව්රුත් නැහැ...:D
හිකිස් ... ඉස්තූතියි සහන් ..
Deleteහිනාවක් ආවා මේ කොමෙන්ට් එක කියෙව්වම .. :D