ජීවිතය නිමාකරගැනීමේ මොහොත දැන් එළඹ ඇති බව වෙරෝනිකා 1997 නොවැම්බර් 11 වෙනිදා තීරණය කළාය. තමන් විසූ කන්‍යාරාමයේ කුලී කාමරය සැලකිල්ලෙන් අස්පස් කර ඈ තාප යන්ත්‍රය නිවා දමා දත කට මැදගෙන ඇඳේ ඇලවුනාය .... !!
දැන් ඈ සියදිවි නසාගන්නේ, තමා ශෝකී දුක්බර ගැහැණියක නිසා නොවේ. නිරන්තර වූ මනෝභංගත්වයෙන් පීඩාවිඳි ගැහැණියක වූ නිසාද නොවේ. තමා මුලුමනින්ම සාමාන්‍ය පුද්ගලයෙක්යැයි ඈ විශ්වාස කලාය.මැරෙන්නට ගත් තීරණය පසුපස තිබුනේ අතිශය සරල හේතු දෙකකි.
මුල් හේතුව,
ඇගේ ජීවිතයේ හැමදෙයක්ම ඒකාකාරීය
දැන් ඈ සියදිවි නසාගන්නේ, තමා ශෝකී දුක්බර ගැහැණියක නිසා නොවේ. නිරන්තර වූ මනෝභංගත්වයෙන් පීඩාවිඳි ගැහැණියක වූ නිසාද නොවේ. තමා මුලුමනින්ම සාමාන්‍ය පුද්ගලයෙක්යැයි ඈ විශ්වාස කලාය.මැරෙන්නට ගත් තීරණය පසුපස තිබුනේ අතිශය සරල හේතු දෙකකි.
මුල් හේතුව,
ඇගේ ජීවිතයේ හැමදෙයක්ම ඒකාකාරීය
දෙවන හේතුව වඩාත් දාර්ශනිකය,
ලෝකයේ සිදුවන බොහොමයක් දේ සිදුවන්නේ වැරදියටය. මේවා නිවැරදි කිරීමට ඇයට මගක් නැත. ඒ කල්පනාව ඇය තුල ඇතිකලේ සම්පූර්ණ බෙලහීන හැඟීමකි.
(ගාමිණී වියන්ගොඩ පරිවර්තනය කල පාවුලෝ කොයියෝ ගේ Veronica Decides to Die කෘතියෙන්)
මාසයකටත් වඩා දිගු නිහැඩියාවකින් පසු බඳුරා අසපුවේ අකුරු කොටන්නට පැමිණි මුත් ලියන්නේ මොනවාදැයි තවමත් මගේ සිතේ නැත. ලියන්නට දෙයක් නැති බව මොලය දන්වන නමුදු ඉල ඇට කූඩුව පුපුරාගෙන එලියට පනින්නට ගැහෙන හද මුකුත් නොලියා යෑමට ඉඩ දෙන්නේද නැත. මා තුලම වූ යුද්ධයකින් දිනන්නේ කවර පාර්ශවයද යන්න තවම නොදන්න මම ඇඟිලි වලට යතුරු පුවරුව පුරා ඉබාගතේ යන්නට ඉඩ දෙමි.. මේ සාහිත්‍ය නොවන්නේ ඒ නිසාය, මේ උත්කෘෂ්ට රචනයන් නොවන්නේ ඒ නිසාය.. මේ මගේ පටලැවුනු සිතිවිලි වල එකතුවක් පමනක්ම වන්නේ ඒ නිසාය ...
ඒකාකාරීත්වය ..
හැමදාම ගෙවෙන්නේ එකම දිනයදැයි සැක සිතෙන තරමට මා වෙලාගත් ඒකාකරීත්වය මා නරුමයෙකු කර හමාරය. අවුරුදු දස දහස් ගානක් පොළව යට වැළලි පොසිලයක් මෙන් මගේ ජීවිතය හැඟිම් දැනීම් වලින් තොරව ඝනීභනය වී හමාරය. පොසීලයට කලෙක ජීවිතයක් තිබුනා මෙන්ම, මටත් හුස්ම වැටුනු ජීවිතයක් අතීතයේ තිබුනු බව මතකය. හීන සතක් නොව හීන සත්ලක්ශයක් මත තැනූ විමනක් මත සිනාවෙන් සිටි යුගයක් මටද තිබුනා මතකය. ඒකාකාරීත්වය පිළිබඳ වගේ වගක් නැති, උදා වෙන හැම දවසක්ම වෙත විදාහල දෑතින් දුවගෙන ගිය අතීතයක් මගේ පොසීලභවනය වූ ජීවිතයට තිබුනා මතකය ...
එනමුත් ... තේරුම්ගත නොහෙන සිද්ධි සමුදායක් මැදින් ගල්පර බාධක වල හැපෙමින් කඳුලු සාගරයක හබල බිඳී අතරමං උනු දිවි ඔරුව.. කෑලි කෑලි වලට කැඩී බිඳී විසිරී ගියේ අද මා දවන ඒකාකරීත්වය තුල මුලු ජීවිතයම උන්ඩිකොට සිරගත කොටය.
උදෑසන අවදි වූ තැන් පටන් හැමදෙයක්ම හැම මොහොතකම හැම පිකෝ තත්පරයක්ම ඒකාකාරීය. රැකියාවට යන්නට සාරිය ඇඳ ගැනීම, ඒ සටනේදී ඇතිවන දෙබස්.. එතනින් රැකියාවට පිටත් වීම.. මඟ දිගට සියලු දේ හිසරදය හැදෙනතරමට ඒකාකාරිය. කොටින්ම, රැකියාවට යන මඟේ ඇති ගුවන් පාලම මත සිටින හිඟන්නන් තිදෙන සිටින තැනද අවසාන දශමස්ථාන තුනට නිවැරදිව ඒකාකාරිය. පළමුවැනි සිගන්නිය.. පළමු හැරුම ලඟ වැටේ කම්බි කූරු දෙකකට මෙහායින් හරියටම තුන්වෙනි කම්බියට පිට දීගෙන .. දෙවන සිගන්නා (අතක් අහිමී) පාලමේ වැටේ කොනටම වෙන්න ඉතිරී වී ඇති එකම අත පසුකරයන්නන් වෙන පාගෙන.. අන්තිම සිගන්නා පහලට බසින දෙවන පඩිය ලඟ දකුනු පැත්තේ මුල්ලට වන්නට ... ඇයි අඩුමතරමින් ඔවුන්ටවත් වෙන වෙන තැන් වල ඉන්නට බැරි යැයි මට සිතෙන වාර ගනන අනන්තය.
මග දිගට මිනිස්සු කියන හැම දෙයම, උදේ නිවසින් ගිය පසු නිවසට එන තෙක් හැම දෙයක්ම... නිවසට පැමිනි පසු නින්දට යන තෙක් හැමදේම.. නිදා ගත් පසු අවදිවන තුරු හැමදේම .... කොටින්ම මුලු ජීවිතයම එකම එකම එකම තැන කැරකෙන සෙක්කුවක් මිස අන් කිසිවක් නොවේය ... මා වට කොටගත් මිනිස්සු සිනාසෙති.. කති .. බොති.. ජීවත් වෙති ... මම ඒ දෙස ඔහේ බලා සිටිමි.. සිනාවෙන්නට මතක නැත.. හඩන්නටද මතක නැත ... අනිච්චානුගව වන දෙයක් නිසා හුස්ම නම් එකක් පසුපස එකක් රිද්මයට වැටෙයි.. හුස්ම වැටෙන තෙක් හදවත දිවෙයි.. හදවත දිවෙනතෙක් මොළය පණපිටිනි ... මොලය පනපිටින් සිටිනතාක් කල් මම පණ පිටිනි ....
වෙරෝනිකා මැරෙන්නට තීරනය කලාය ...
ජීවිතය අවුරුදු පහකින් ඉදිරියට හෝ පසුපසට ගෙනයාමේ අවකාශයක් නැත්නම් ...
එකම දිනය හැමදාම ගෙවනවාට වඩා ...
මමද ඒ මගේ යමි ..
the Alchemist පොත "සන්තියාගෝ නම් සැරිසරන්නා"
ReplyDelete"Eleven Minutes" මිනිත්තු එකොළහේ කතාවක්
Veronika Decides To Die ‘වෙරෝනිකා මැරෙන්න තීරණේ කරයි’
කියන පාවුලෝ කොයියෝගේ පොත් hari ආසාවෙන් කියෙව්වේ
ඔව්.. පොත් තුනම ලස්සනයි... ඒ තුනට අමතරව මම පාවුලෝ කොයියෝගෙ තව එක පොතක් කියවලා තියෙනවා. ඒ පියෙද්රා ගඟබඩ හිඳ මම වැළපුනෙමි කියලා සිංහලට පරිවර්තනය කරලා තියෙන By the River Piedra I Sat Down and Wept පොත. නොතේරෙන ආගමික මතවාද ටිකක් තිබුනත්, පොතේ වච හරියට සංගීතයක් වගේ.. කියවලා බලන්න :)
Deleteඒ පොතත් මා ගාව තිබුණා. ඒක මම කියවන්නත් කලින් යාලුවෙක් ඉල්ල ගත්තා. අන්තිමට "පර හස්තම් ගතම් ගතම්" වුණා :D
Delete@හසිත,
Delete:D
නරකද මිලාන් කුන්දේරගෙ 'සමුගැනීමේ සාදය' වගේ පොතක් බැලුවොත්... ජීවිතේම අහම්බයන් ගොඩක් වෙලා තියෙද්දි හැමදේම වෙනස් වෙමින් තියෙද්දි අපි හැමදාම එකම විධියට හිතනව වෙන්න පුළුවන්! :-)
ReplyDeleteමම ඒ පොත කියවලා නෑ.. ස්තූතියි පොත ගැන කීවට.. මේ අවුරුද්දේ පොත් සල්පිලට ගියාම අනිවාර්යයෙන්ම ගන්නම් :) ඔව්.. දොරවල් ගොඩක් ඇරිලා තියෙද්දි ඒවා නොදැක මම වහපු දොරක් ලග අඩනවා වෙන්න පුලුවන් ....
Deleteමමනං පොත් කියවන්නේ නෑ... එත් මේකනං හොදයි වගේ... :)
ReplyDeleteබලමුකෝ :)
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තූතියි මහ රජතුමනි.. රාජ සම්පත් නැතත් ටිකක් වෙනස් හෙටක් ලැබුනොත් ඇති මට .. :) ඔව් මේ පොත හොඳයි.. වෙනස් .. කියවලා බලන්න
Deleteලෝකයේ වැඩිම දෙනෙක් පිස්සු වට්ටපු පොත වෙරෝනිකාද කියලත් හිතෙනවා. අපේ සයිබර් අවකාශෙත් වැඩිම දෙනෙක් ලියපු චරිතයක් තමයි වෙරෝනිකා. ඇත්තම කියනවනං පරිවර්තනය වූ අලුතම ඒක කියවලා මාස දෙක තුනක් මාත් හොල්මන් වෙලා හිටියෙ. :)
ReplyDeleteස්තුතියි ආපහු වෙරෝනිකා මතක්කලාට.
ඔයා හරිම වචනේ පාවිච්චි කරලා තියෙනවා.. පිස්සු වැටෙන පොතක්... හරියටම හරි .. ස්තූතියි කොමෙන්ටුවට :)
Deleteපව්ලෝ කොයියෝගේ පොත් වලට ආස ගොඩක් අය බ්ලොග් අවකාශය තුල ගොඩක් ඉන්නවා..
ReplyDeleteඔයාගෙ පෝස්ටුව ගැන නම් කියන්න තියෙන්නෙ මෙහෙමයි..
ජීවිතේ ඒකාකාරී වගේ දැනෙන්නෙ අපිට ප්‍රාර්ථනා නැතිවුනාම..නැත්නම් තියන ප්‍රාර්ථනා ආශාවන් ඉෂ්ඨ කරගන්න බැරි වුනාම..වෙරෝනිකාට වගේම අපි හැමෝටම මේ වගේ කාලයන් ජීවිත වලදි හමුවෙනවා..ඒක හරියට සුළි සුළඟට ගහගෙන යනවා වගේ අසරණ හැඟීමක්..
ඒ හැඟීම හරියට තේරුම් ගත්තොත් ජීවිතේට හීනයක් සැබෑකරගන්න අපි දුර නෑ..
ඇත්ත.. මමත් උත්සාහ කරන්නේ තේරුම් ගන්න තමයි. ඒත් තේරුම් ගන්න නම් කවුරු හරි තේරුම් කරන්න ඕනි නේද... තනියෙම තේරුම් ගන්න පුලුවන් සීමාවක් තියෙනවා. එතනින් එහාට හැම දේටම හේතුව.. නැත්නම් ඇයි මෙහෙම වෙන්නේ කියලා අදාල පාර්ශව තේරුම් කරන්න ඕනි ....
Delete