පොත හෙව්වේ දැනුයි ...
ඔන්න එතකොටයි දන්නේ හෙට විභාගෙට ඕනි කරන පොත මගේ ලග නෑ කියලා ...
ඉතිං මම තීරණය කලා අධ්යාපනේ අමතක කරල වැල් වටාරමක් ලියන්න ..
මොකෝ ඉතිං නැති පොත මම කොහෙන් මවන්නද දැන් .... :(
සුරංගනා කතාව
හිතිලා තියෙන්වද අපේ ජීවිතේ සුරංගනා කතාවක් වගේ කියලා... ?
මන්දා..
මට නම් හිතිලා තියෙනවා ...
සුරංගනා කතාවකට ඕනි අඩු වැඩිය මගේ ජීවිතෙන් හරිම ලේසියෙන් හොයාගන්න පුලුවන් ...
කුමාරයෙක් හිටියා ...
මම හිටියා...
මම හිතාගෙන හිටියා මම තමයි කුමාරි කියලා ...
නපුරු මන්තරකාරියෝ හිටියා ...
ගිනි පිඹින මකරු හිටියා ...
කේලම් කියන අසල්වැසියෝ හිටියා ...
හැම දෙනාම හිටියා ....
මට කථාවක් තිබුනා...
මම කථාවක් ගොතාගෙන තිබුනා..
මම හිතුවා මගේ කුමාරය සුදු අශ්වයා පිටින් ඇවිත් මගේ දුක ඉවරයක් කරලා මාව අරගෙන යයි කියලා...
මම හිතුවා නපුරු සුරංගනාවි මට කල සාපෙන් මාව මුදවන්න කුමාරයගේ හාද්දට පුලුවන් වේවි කියලා ...
මම මගේ කතාව දිගට දිගට ගෙතුවා...
ඒත් ....
අද මට ඇත්ත තේරෙනවා...
මගේ කතාවේ මම ඔටුන්න හිමි කුමාරි උනාට ...
අනිත් කථාවේ මමයි නපුරු කුඩම්මා...
ඒ කථාවේ කුමාරි වෙන කෙනෙක් ...
අපි හැමෝටම අපි හදාගත්තු කතාවක් තියෙනවා...
අපි ඒ කතාවේ සතුටින් ඉන්නවා.. සමහරවිට අපිට ඇත්ත දකින්න ඉඩක් ලැබෙන්නේ අපේ කතාව අපි ගොඩාක් දුර ගොතාගෙන ගියාට පස්සේ ... එතකොට කථාවයි ජීවිතෙයි හොදටම පැටලිලා..ආයෙම ලිහාගන්න බැරි තරමටම ...
අපේ කථාවේ අපේ චරිතයයි අපේ කතාවේ ඉන්න අනිත් අයගේ කතාවල අපේ චරිතයයි වෙනස් ගොඩක් වෙලාවට..
අපේ කතාවේ අපියි සින්ඩරෙල්ලා..
අපේ කතාවේ අපියි කුමාරි..
ඒත් අනිත් කෙනාගේ කතාවේ අපේ චරිතේ ඊට හාත්පසින්ම වෙනස් වෙන්න පුලුවන් ... ඒ කතාවේ අපියි නරක චරිතේ..
අපියි නපුරු චරිතේ ...
එහෙම වෙලා නැද්ද... ?
හිතිලා නැද්ද අපේ සුරංගනා කථාවේ ප්රධාන චරිතෙට.... අපි කව්ද කියලා... ?
අපි අපේ කථාව ගොතන ගමන්ම අනිත් අයගේ කතා වල රගපානවා...
ඒකයි ඇත්ත ...
ගොඩක් වෙලාවට අපේ කතාවෙන් අපි දකින අපිව වෙන කවුරුවත් ඒ විදියට දකින්නේ නෑ...
ඒ අපි ගැන දන්නේ අපි විතරක්ම නිසා ... !!
කොහොම උනත්...
මම මගේ කථාව ගොතනවා..
දිගටම...
මෙතුවක් කාලයක් මම අනිත් කථා වල මගේ චරිතේ ගැන වද උනා විතරයි...
මම අනිත් කතා වල මගේ චරිතේ හොදට රගපාන්න උත්සාහ කලා විතරයි...
මම අනිත් කතාවේ සුදු චරිතය වෙන්න උත්සාහ කලා විතරයි...
ඒත්...
ඒ උත්සාහයේ ප්රථිපලය මගේ කතාවට අවසානයක් ගොතාගන්න මට බැරි උනු එක විතරමයි ...
මගේ කතාවේ මගේ චරිතය වල්වැදිලා..
පටන්ගත්තු තැනක් ඉවර උනු තැනක් නැතුව...
මම මගේ කතාව ලියනවා...
හැම සුරංගනා කථාවක්ම සුඛාන්තයක් නෙමෙයි කියලා මම ලෝකෙට ඔප්පු කරලා පෙන්නනවා ...
කාගේ කතාවක මම කවුරු උනත් මගේ කථාව මම තනියෙම ලියනව...
හැබැයි මගේ කථාවේ අවසානය වෙනස්...
TheY LiveD HappilY EveR AfteR නෙමෙයි ...
මගේ සුරංගනා කථාව ඉවර වෙන්නේ ....
He LiveD HappilY EveR AfteR එකකින් ...
මට වඩා වැදගත් අවසානය මොකද්ද කියන එක නෙමෙයි ....
අවසානයක් තියෙන එකයි... !!
Oh! come on.. not again....
ReplyDeleteකුමාරි,...සුරංගනා කතාවල අවසානය හොයන්න යන්න එපා...මොකද ඒක දුකාන්තයක් වෙනකොට අපිටමයි දුක...අපි අපේ කතාවේ සපුමල් කුමාරයා, කුමාරි උනාට සමහර වෙලාවට ඒකතාවට සම්බන්ධ අනිත් චරිත වලට දේවදත්ත චරිතය අපි රගපානවා...පුලුවන් තරම් බැදීම අමතක කරලා දාලා සැහැල්ලුවෙන් ඉන්න...ජීවිතේ අපිට නොලැබෙන දේ බොහෝයි...ඒවා නොලැබුනා කියලා ඇඩුවට ජීවිතේ අපිට ලැබෙන්නෑ....
ReplyDeleteමේ සුරංගනා කතා ලියන ඔයා සුරංගනාවියක් වත් නපුරු මන්තර කාරියක්වත් නෙමෙ කියන තේරුම් ගන්න , අහස වෙනකම් වැවුනු මෑ වැල දිගේ මහපොලොවට බහින්න......ඔයා මේ හැම සුරංගනා කතාවකම කියන මහ නිධාන කතාව පිටුපස තියෙන්නෙ මොනාද කියලා...මේ කතා කියවන රසිකයෙක් විදියට තේරෙනවා.....ජීවිතය වනාහි දිනා ගත හැකි(සමහර විට) දිනා දිය නොහැකි...දිනාගතද..දිනානොගතද..ඒ පිලිබද උපේක්ෂාවෙන් විමසන්න...එවිට ඔබට සැනසීම ලැබේවි..
ස්තූතියි සංජීව.. මේ දුවන දිවිල්ල අස්සේ මම ලියන දේවල් කියවලා ඒ ගැන තමුන්ට හිතෙන හැටි කිව්වට.. ඇත්ත.. මම මෑ වැල දිගේ බිමට බහින්න ඕනි.. ඒත් මම ලියල තියෙන විදියටම සුරංගනා කථාවයි ජීවිතෙයි හොදටම පැටලිලා දැන්.. මෑ වැල දිගේ බිමට බහින්න මට බයයි... මට ඇත්ත ලෝකෙට එන්න බයයි ... !!
ReplyDelete@Oshadi :: I knoW QuidOoOOooOo... I KnoW ... HiT Me NexT Tym... I Wont Say A WorD :)
මම නම් අනුන්ගේ කතාවල මගේ චරිතය මොකද්ද කියලා හොයන එක නතර කරලා ගොඩක් කල්.
ReplyDeleteමගේ කතාවේ මගේ චරිතයට අසාධාරණයක් නොවෙන්නත් මගේ චරිතය හා බැඳුනු අනෙක් චරිත වලට අසාධාරණයක් නොවෙන්නත් මගේ කතාවේ චරිතය රඟ පෑම තමා මගේ එකම පැතුම දැන් . . .
ඔයත් එහෙම කරලා බලන්නකෝ . . ජීවිතේ කොයි තරම් ලේසි වෙයිද කියලා එතකොට
කවදාවත් අපේ කථාව අනිත් චරිත වලට අසාධාරණයක් නොවෙන් රගපාන්න බෑ නේද...? අපි සාධාරනයි කියලා හිතුවට අපේ කථාවේ සමහර චරිත වලට අපිව පේන්නෙම අසාධාරන විදියට... කරන්න තියෙන්නේ අනිත් චරිත වලට මොනවා උනත් කමක් නෑ කියලා අපේ කථාව ගෙනියන එකයි... නැත්නම් නසෘදීන්ටයි බූරුවටයි උනු දේ තමයි වෙන්නේ ...
Deleteස්තූතියි අදහසට ...
දුකා වගේ බ්ලොග් ලෝකේ ලොකු චරිතයක් මගේ කථාවක් කියෙව්ව එකත් ලොකු දෙයක් :)