දෑත ඇඟිලි තුඩු
ලේ හැලෙන තුරු
හාරමින්, පහුරුගාමින්..
බිඳෙන රළ අභිමුවේ
සේදෙන, වැනසෙන
පදනම් යලිදු තනමින් ..
ලේ හැලෙන තුරු
හාරමින්, පහුරුගාමින්..
බිඳෙන රළ අභිමුවේ
සේදෙන, වැනසෙන
පදනම් යලිදු තනමින් ..
බලා ඉන්නවුන්
පසු කර යන්නන්
හිනා විගඩම්, ඉවසමින් ..
පසු කර යන්නන්
හිනා විගඩම්, ඉවසමින් ..
ටිකින් ටික හිමිහිමින්
හිතේ ඇති මාළිගා
වැල්ල මත, මවමින් ..
හිතේ ඇති මාළිගා
වැල්ල මත, මවමින් ..
කප්පරක් උස හීන
වැලි සමඟ මුහුම් කර
එමැදුරෙ, කුමරිය වෙමින් ..
මවාගත් දැසි දසුන්
ප්රභූ පෙළ පරයමින්
අණ දෙමින්, රජ වෙමින් ..
අසු පිටින් කුමරු තෙද
වඩින තුරු සෙනෙහසින්
ලතැවෙමින්, ඉවසමින් ..
වැලි සමඟ මුහුම් කර
එමැදුරෙ, කුමරිය වෙමින් ..
මවාගත් දැසි දසුන්
ප්රභූ පෙළ පරයමින්
අණ දෙමින්, රජ වෙමින් ..
අසු පිටින් කුමරු තෙද
වඩින තුරු සෙනෙහසින්
ලතැවෙමින්, ඉවසමින් ..
තව තවත් තව තවත්
හීන පොදි සිය ගනන්
මැදුර වට, ගොතමින් ..
හීන පොදි සිය ගනන්
මැදුර වට, ගොතමින් ..
හීන ලොව නිමා කර
මාලිගා වනසමින්
සයුරු රළ ඇදෙමින් ..
මාලිගා වනසමින්
සයුරු රළ ඇදෙමින් ..
මල් හීන කුමරි රඟ
හිත් ලොවෙන් මකමින්
වැලි මැදුරු බිඳෙමින් ..
හිත් ලොවෙන් මකමින්
වැලි මැදුරු බිඳෙමින් ..
බලා සිටි ඒ කුමරු
නෙත් හමුවේ මැකෙමින්
දියඹ වෙත ඇදෙමින් ..
වැලි මැදුරු බිඳෙමින්
ඒ සමඟ රැළි එක්ක
හීන පොදි මියෙමින් ..
නෙත් හමුවේ මැකෙමින්
දියඹ වෙත ඇදෙමින් ..
වැලි මැදුරු බිඳෙමින්
ඒ සමඟ රැළි එක්ක
හීන පොදි මියෙමින් ..
******************************