බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Friday, April 29, 2011

ආදරය ... කලළය ... !!

ම්ම්ම් ... මට එක පාරටම හිතුනා හිතක ඇතිවෙන ආදරයත් ගර්භාෂයක ඇතිවෙන කලළයක් වගේ කියලා ... දැන් බලන්න ... කලළයක් ඇති වෙන්න දෙන්නෙක් ඔන... ඒ වගේම ආදරයක් ඇති වෙන්නත් දෙන්නෙක් ඔනිනේ ... අපි අපිටම ආදරේ කරගන්නේ නෑනේ :)

කලළයක් ගර්භාෂය ඇතුලේ මාස 9 ක් වැඩිලා නිරොගී දරු උපතක් සිද්ධ උනාම හැමොටම සතුටුයි ... ඒ වගේම හිතේ ඇති උනු ආදරයක් හොදින් වැඩිලා විවාහයකින් කෙලවර උනාම හැමොටම සතුටුයි ...කලළය දරාගෙන ඉන්නකන් වගේම කලළයක් දරුවෙක් විදියට බිහි උනයින් පස්සෙත් සතුට දුක සමොසමෙන් ලැබෙනවා ඒකට අදාල හැම කෙනෙක්ටම ... දෙමාපියො, යාලුවො හැම කෙනෙක්ම ඒකට අයිතියි... නමුත් කලළය ඇති වෙන්න කෙලින්ම සම්බන්ධ දෙන්නට තමයි හැම දුකක්ම සතුටක්ම වැඩියෙන්ම දැනෙන්නෙ ... ඉතින් බලන්න ආදරයත් ඒ වගේ නෙමෙයිද කියලා ...

කලළයක් දෙන්නගෙම කැමැත්තෙන් සහ දෙමාපිය ආසිර්වාදයෙන් ඇති වෙන්න පුලුවන් ... එතකොට උපත වෙනකන් බලන් ඉන්නේ පුදුම සතුටෙන් ... ආදරයත් ඒ වගෙයි ... හැම කෙනෙක්ගෙම කැමැත්තෙන් ඇති වෙන ආදරයක් විවාහයක් වෙනකන් යනකන් පුදුම නොයිවසිල්ලක් තියෙන්නේ... ආදරයෙන් බලන් උන්නු දරු පැටිය ඉපදුනම බලාගන්න ගොඩක් අය ඉන්නවා වගේම ... ආදරයෙන් බලා උන්නු විවාහයක් රැක ගන්නත් ගොඩක් අය ඉන්නවා.

කලළයක් නොහිතපු වෙලාවක අහම්බෙන් ඇති වෙන්න පුලුවන් ... එතකොට ඒක මානසික වදයක් ... කලළය ඇති වෙන්න සම්බන්ධ අනිත් පාර්ෂවය දරුවෙක් ලැබෙනකන් ගමන එකට යන්න කැමති උනොත් හොදයි.. නැති උනොත් කලලය දරාගෙන ඉන්න කෙනාට ප්‍රශ්න ගොඩයි ... ආදරයත් එහෙමයි ... එක පාරට හිතක ඇතිවෙන ආදරයක් අනිත් කෙනා පිලි නොගත්තොත් ආදරය කරන හිතට එන්නේ මෙතෙකැයි කියන්න බැරි දුකක් ... හරි ... කලලය දරුවෙක් වෙනකන් ඉන්න අනිත් කෙනාට බෑ කිව්වා කියමු.. එතකොට මාර්ග දෙකයි ඉතුරු ... එක්කො ඇතිඋනු කලලය විනාස කරන්න ඔනි ... නැත්නම් ඔනි එකෙක් ඔනි දෙයක් කියා ගනින් කියල තමන්ගෙ හිතුමතේට කලලය දරාගෙන ඉන්න ඔනි.

පලවෙනි මාර්ගයේ ගිහින් කලලය බලෙන් ඉවත් කලා කියමු... කලලය දරගෙන ඉන්න කෙනාට කොයි තරම් නම් දුකක් වේදනවක් දැනෙනවද තමන්ගෙම ලෙයින් මසින් ඇති උනු දෙයක් බලෙන් අඩු පඩු දාල අයින් කරද්දි ... කොහොම හරි අයින් කලත් ඊට පස්සේ ඇතිවෙන අතුරු ආබාධ කොයි තරම්ද ... ආයේ කවදාවත්, ඇත්තටම ඔනි උනත්, දරුවෙක් නොලැබී යන්න පුලුවන් ... ලැබුනත් අන්ගවිකල දරුවෙක් ලැබෙන්න පුලුවන් ... ටිකක් හිතන්න ..ආදරයත් එහෙමඉ නේද ... හිතේ ඇතිඋනු ආදරයක් බලෙන් අයින් කලාම ඒ ආදරය දරාගෙන ඉන්න හිත කොයි තරම් රිදෙනවද ... එහෙම අයින් කල හිතක ආයේ කවමදාවත් ආදරයක් ඇති නොවෙන්න පුලුවන් ..ඇති උනත් ඒක මගදි එපා වෙන අන්ගවිකල ආදරයක් වෙන්න පුලුවන්.දෙවෙනි මාර්ගය අනුගමනය කරලා තමන්ගෙ හිතුමතෙට කලලය දරගෙන ඉන්න එක ආසියාතික රටක ලේසි දෙයක් නෙමේ... කොයි තරම් දරගෙන ඉන්න ඔනි උනත් දෙමපියන්, නෑදෑයන් සහ යාලුවන් කියන විදියට කලලය ඉවත් කරන්නම සිද්ද වෙනවා... නැත්නම් ජීවත් වෙනකන් නින්දා අපහාස, ඇනුම් බැනුම් කෙලවරක් නෑ ...

සමහර වෙලාවට ආදරෙන් ඇති උනු කලලයක් දරුවෙක් උනාම ඒ දරුවව එපා වෙන්න පුලුවන් ... ඒ වගේම ආදරයක් නැතුව අහම්බෙන් ඇති උනු කලලය උනත් දරුවෙක් උනාම ඒ දරුවට ආදරයක් ඇති වෙන්නත් පුලුවන් ... ආදරයෙන් ඇති උනු සමහර විවාහ බිද වැටෙන්නෙත් ... අහම්බෙන් ආදරයක් නැතුව ඇති උනු සමහර විවාහ සාර්තක වෙන්නෙත් ඒ වගේ කියලයි මට හිතෙන්නේ ...

සමහර වෙලාවට එක දරුවෙක් ඉදිද්දි වෙන කෙනෙක්ගෙන් තවත් කලලයක් ඇති වෙන්න පුලුවන් ..හරියට අනියම් සම්බන්ධ වගේ ;) එතකොට ඒ දෙවෙනි කලලය විනාස කරන්න හරි නැත්නම් ඒකෙනුත් දරුවෙක් හදාගන්න හරි පුලුවන් ... හැබැයි ආසියාතික රටවල් වල දෙවෙනි මාර්ගය අනුගමන කරන එක සදාචාර විරොධියි :)

මොනවා කොහොම උනත් ... කලලක් කෘතිමව ඇති කරන්න තාමත් විද්යාව සමත් වෙලා නෑ... කලලයක ඇති වීම පුදුම රහස් ගොඩක් කැටි කරගත්තු අපූරු ස්වභාවික සන්සිද්ධියක් ... කලලයක් කෙනෙක්ට ඔනි වෙලාවට ඇති කරගන්න බෑ වගේම එපා උනාම හිතු මනාපෙට නැතිකරගන්නත් බෑ ...

ඉතින් මට කියන්න .... ආදරයත් කලළයක් වගේ නෙමේද ?????

විකාරයක් වෙන්න ඇති .. ඒත් මට හිතුනා .. ඉතින් මම ලිවුවා ... :)


Tuesday, April 26, 2011

ඔබ ... මම සහ කැඩපත ... !!

අඩලා අඩලා රතු උනු
ඇස් දිහා බලන්නට
කැඩපතක් අබිමුවට
ගිය එක් ඉසිඹුවක ....

මුලු කැඩපතම පුරාවට
මගේ රූපයත් වහගෙන
මෙන්න ඔබ ඉන්නවා
හිනාවීගෙන මගේ කදුලට ...

අමතක කරන්නට දගලන
ඔබේ ඔය දගකාර මූණ
නොපෙනෙන්න ආයෙමත්
මගේ පිලිඹිබුව වසාගෙන ...

දෑතින් බදා කැඩපත
සියලු වෙර වීරියත් ගෙන
පොලව මත හෙලූයෙමි
කැබලි සී සී කඩ යන්න ...

බිදුනු කැඩපත් කැබලි වල
රතුවුනු ඇස් එක්ක
මෙන්න ඉන්නවා තාමත් අඩන
කෑලි කෑලි උනු මම ...

එක මූණ පේනවට
කැඩපත පොලවේ ගැහුවට
මෙන්න ඔබ ආයෙමත්
කැඩුනු කෑල්ලක් කෑල්ලක් ගානෙම ...
කිසිම වෙනසක් නැතුව
තවත් හයියෙන්
මටම ...
හිනාවීගෙන ...

ඇවැසිම මොහොතක නික්ම යාම ....

දවල් කාලෙට ඉර මල අපූරුවට පිපිලා තියෙනකොට දහස් ගනනින් තාරුකා ඒ අහසෙම දිලෙනවා... ඒත් අපි කාටවත්ම ඒ එකම තරුවකවත් එලිය පේන්නෙ නෑ ... අමාවක දවසක හද එලියත් නැතුව මූසල අදුරක ගිලෙන ලොකයට ඒ එක තරුවක එලිය ලැබෙනව නම් කොයි තරම් නම් දෙයක්ද ... හිතන්න ... දවල්ට නිකරුනේ දිලුනු තරුවක් අමාවක රැයක දිලෙන්නෙ නැත්නම් ... ඒක ඇවැසිම මොහොතක නික්ම යාමක් නෙමෙයිද ... !!

වැස්ස දවසට පුන්චි පුන්චි දිය පාරවල් හැම තැනම. ඒ දිය පාරවල් එකතු වෙලා හැදෙන ඇල දොල ගන්ගා වැහි කාලෙට අනන්තයි.පොලොව වතුරින් පිරුනු වැහි කාලෙට ඒ දිය පාරවල් වලින් ඒ තරම්ම ප්‍රයොජනයක් නෑ. ඒත් ගිනිකට්ටට පායන කාලෙක, ඉරි තැලුනු පොලව වතුර බින්දුවක් ඉල්ලලා හඩා වැටෙනකොට, එකම එක පුන්චි දිය පාරක්වත් පොලව සනසගෙන ගලා බහිනව නම් කොයි තරම් දෙයක්ද... වැහි කාලෙට ඔහේ ගලන දිය පාරක් ඉඩොරෙදි අහක බලනව නම් ඒක ඇවැසිම මොහොතක නික්ම යාමක් නෙමෙයිද ... !!

යහලු යෙහෙලියො පිරිවරාගෙන ඉන්න කාලෙක, පාලුවක් තනිකමක් එහෙමට නොදැනුනු කාලෙක ලගින් උන්නු ලෙන්ගතු හිතක්, කාත් කව්රුවත් නැති දවසක, මුලු ලොකෙම කඩන් වැටුනු දවසක ලගින් නැත්නම් ඒකත් ඇවැසිම මොහොතක නික්ම යාමක් නෙමෙයිද ... !!

ඒත් වෙලාවකට හිතෙනවා ඇත්තටම ඇවැසි මොහොතේ නික්මිලා ගියාද ... නැත්නම් නික්මිලා ගිය නිසා ඇවැසි මොහොතක් ඇති උනාද කියලා... මොනව කොහොම උනත් යන්නම යන්නම යනව නම් ඉන්න කියන්න අයිතියක් නැති තැන, එදා දුරින් ඉද දැකපු හිත ලගින් ඉදන් බැලුවම වෙන විදියක් විදියට පේනකොට ... හිතන්න තියෙන එකම දේ සුනිල් එදිරිසින්හ මහත්මයා හරි අපූරුවට ගායනා කරනව මෙන්න මෙහෙම ....,

වියො වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අබිමන්
හැඩූ දා කදුලයි දකින්නේ සිනහවේ සරදම්

ඉවුරු දෑලේ ඉද බැලූ විට ගග හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගගුලම බිහිසුනුයි චන්ඩයි

සදක් නැති දා අහස් තලයට තරුව දෙයි සැනසුම්
පුන් පොහො දා එවන් තරුවම ලබන්නේ ගැරහුම්...

නික්ම යාමක් කොහොමත් දුක්බරයි ... ඇවැසිම මොහොතක නික්මයාමක් දුකටත් එහා ගිය පාලු හිස් කමක් ජීවිතයට ගේන්නේ ... ඒ හිස් කම නොවිදපු හිතකට කවමදාවත් ඇවැසිම මොහොතක නික්ම යාමක කටුක බව තේරුම් ගන්න බැහැ ... !!

මගේ නත්තල එදාටයි ... !!

සෙනෙහෙ කදුලක්
නොවට හදකට
ආල නිල් දිය
වැසි වැටෙයි නම් ...

සිගිති හසරැල්
ඇවැසි දෙහදට
කිරි සිහින ගෙන
බිලිදු එයි නම් ...

සිප් සතර දැන
ජය පතන හද
විදු නැණින්
අබිසෙස් ලබයි නම් ...

රිදී කහවනු
යදින දෑතට
මිල මුදල්
දහසින් ලැබෙයි නම් ...

උනු කදුලු මිස
සිනා නොදුටුව
දෑස මදහස
මල් පිපෙයි නම් ...

යනෙන මාවත
හසර නොම දැන
මන්මුලා හද
මග දකී නම් ...

කප් සහස් කල්
ගෙවුනු කලකට
එවන් එක් දින
හිරු එබෙයි නම් ...

මගේ නත්තල එදාටයි ...  !!

මියෙන්නට පෙර ... !!

පිදූවෙමි ජීවිතය...
මලක් කර...
ඔබේ පාමුල...
ඔබට කීවේ...
රැක ගන්නට...
සනසන්නට නොව...
බලා සැනසෙන්නට...
නමුදු ඔබ...
පය තබා කුසුම මත...
බලන් පෙති තැලූ හැටි...
එවන් සියුමැලි මලක...
ඉසිබු ලද නිමේෂෙක...
නෙත යොමා බලනු මැන...
එදා විකසිත කුසුම...
පණ අදින අපූරුව... !!

මම තාම පන පිටින්... !!

මම...
අතු අගක පිපුනා...
හමන සුලගට...
වහින වැස්සට...
නොසැලී හිට්යා...
දවසක් දා...
තද සීත කාලයක් ආවා...
කුරුල්ලො සමනලයො...
හැමොම කිව්ව හැන්ගෙන්න කියල...
මම සිව්මැලි වැඩියි කිව්වා...
සීතල සැර වැඩියි කිව්වා...
මම මැරෙයි කිව්ව...
අතු පතර අතැරලා...
මට යන්න කිව්ව...
ඒත්...
මම තාම පන පිටින්...
හිමයි දිය උනේ...!!